IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවෙන් හමුවේ

මාරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. 

ෆයර් කොරල් ලෙස හඳුන්වන රතු පැහැයෙන් යුත් මෙම දිලීරය ශරීරගත වුවහොත් මොළයට සහ ඉන්ද්‍රියයන්ට හානි සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. ජේම්ස් කුක් සරසවියේ පර්යේෂකයන් පවසන්නේ මෙය සමේ තැවරීම පවා හානිදායක බවයි. එයින් සම මත තුවාල හා දැවිල්ල ඇති වන බවද ඔවුහු පවසති.

විෂ සහිත හතු වර්ග සියගණනක් සම්බන්ධව තොරතුරු ඇතත් සම හරහා විෂ අවශෝෂණය වන එකම දිලීරය මෙය බව ද පර්යේෂකයන් සඳහන් කර ඇත.

මෙම දිලීරය ජපානයේ හා කොරියාවේ සමහර ප්‍රදේශ වලින් මීට පෙර වාර්තා වී ඇති නමුත් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇත්තේ ප්‍රථම වතාවටය. 

මෙය කෙයින්ස් නගරය ආසන්නයේ වැසි වනාන්තරයක තිබී ඡායාරූප ශිල්පියකු විසින් රූගත කිරීමෙන් පසුව හඳුනාගෙන ඇත.

 

(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

මාරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවෙන් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site