IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් සෝමාලියා නව ජනපති නූලෙන් බේරෙයි

සෝමාලියාවේ නව ජනාධිපති හසන් ෂීක් මොහමඞ් ඉලක්ක කරගෙන පෙරේදා (12) එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි ගලවාගෙන ඇතැයි එරට රජය පවසයි. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාධිපතිවරයා මොගඩිෂු නුවර හෝටලයක කෙන්යානු විදේශ ඇමැතිවරයා හමුවී සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරදීය. ප‍්‍රහාරයෙන් හමුදා භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ප‍්‍රහාරයෙන් මියගොස් ඇත්තේ සෝමාලි හමුදා භටයන් තිදෙනෙකු සහ උගන්ඩා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු හෝටලයට කඩාවැදීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඉන් දෙදෙනකුට ආරක්ෂක අංශ සාමාජිකයන් වෙඩි තැබූ අතර ඔවුන් දෙදෙනා රැගෙන ආ බෝම්බ එම ස්ථානයේදී පුපුරුවා ගත් බව සෝමාලියා හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. හෝටලයේ තාප්පයට නැගීමට උත්සාහ ගත් අනෙක් බෝම්බකරුට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් වෙඩිතබන ලද බව ද ඔහු කීය. ‘ජනාධිපතිවරයා රැඳී සිටි හෝටලය දෙසින් විශාල පිපිරීම් හඬක් ඇසුණා. හෝටලය ඇතුළත සිටි කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැහැ. එම ප‍්‍රහාරයෙන් ටිකවේලාවකට පසුව පැවැති මාධ්‍ය හමුවකටද ජනාධිපතිවරයා සහභාගී වුණා’ යැයි එම හමුදා ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ අල් කයිඩා සංවිධානය හා සබඳතා පවත්වන අල් ෂෙබාබ් ත‍්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් තිදෙනකු විසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සෝමාලි රජය හා එක්ව තම සංවිධානය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කිරීමට එරෙහිව ඉකුත් අඟහරුවාදා දිනයේදී අල් ෂෙබාබ් ප‍්‍රකාශකයෙක් එරට නව රජයට අනතුරු ඇඟවීය. සෝමාලි රජයේ හමුදා මොගඩිෂු නගරය ෂෙබාබ් සටන්කාමීන්ගෙන් මුදා ගෙන තිබුණද විදේශීය සහ එරට රජයේ නිලධාරීන් ඉලක්ක කර ගෙන එල්ල කරන ප‍්‍රහාර දිනෙන්දින වැඩි වන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම සටන්කාමීන් පවසන්නේ නිදහස් සෝමාලියාවක් බිහි කරන තුරු සිය සටන අත්නොහරින බවයි.



අදහස් (0)

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් සෝමාලියා නව ජනපති නූලෙන් බේරෙයි

රම්‍යා Saturday, 15 September 2012 01:26 PM

මෙයා කවදද ලංකාවට එන්නේ...(ස)

:       0       0

මධූ Friday, 14 September 2012 04:31 PM

මරාගෙන මැරුනට පාඩුයි...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site