තමන් කිසිම අවස්ථාවක, මාරක අවි ආයුධ රුසියාවට විකිණීමක් කර නැතැයි චීනය යුක්රේනයට පවසා ඇත.
චීන රජය වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ එරට විදේශ අමාත්‍ය වැන්ග් යී, යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමුවෙමිනි.
ජර්මනියේ මියුනිච් අගනුවර ජගත් ආරක්ෂක සමුළුවක් පැවැත්වෙන අතර ලොව ප්‍රධාන රටවල් රැසක විදේශ අමාත්‍යවරු ඊට සහභාගී වෙති. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අතරේ හමුවක් පැවැත්වූයේ එම සමුළුවට සමගාමීවය.
"රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනය හැමවිටම මධ්‍යස්ථව කටයුතු කරනවා. අප කිසිම අවස්ථාවක මාරක විනාශකාරී අවි ආයුධ රුසියාවට විකිණීමක් හෝ ලබා දීමක් හෝ සිදු කරලා නැහැ. එසේ කරන්නේත් නැහැ. රුසියන් යුක්රේන අර්බුදය සාමකාමීව නිමා වෙනවා දැකීමයි චීනයේ අරමුණ" යැයි චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාරක අවි රුසියාවට විකුණන්නේ නෑ