IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මිය ගිය දරුවා 36 වසරක් මව් කුසේ

පුරා වසර 36ක් කුසතුළ තිබූ කළලයක් ඉවත්කළ බව ඉන්දියාවේ වෛද්‍යවරු කණ්ඩායමක් කියති. 1978 දී 24 වැනි වියේ පසු වූ කන්තබායි තක්රි නමැති ඉන්දියා කත ගැබ්ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගියාය. වෛද්‍යවරු කියා ඇත්තේ දරු පිළිසිඳගෙන ඇත්තේ ගර්භාෂයෙන් පිටත බැවින් දරුවාගේ ජීවිතය අවදානම් බවයි. ඒ හේතුවෙන් සැත්කමක් කළ යුතුයැයි ඇයට දන්වා තිබිණි. සැත්කමට බිය වූ ඇය රෝහලෙන් පලා ගියාය.  

පසුව ඇතිවූ උදරයේ වේදනාවට ඇය මාස ගණනක් වේදනා නාශක බීවාය. පසුව ඇය සිතුවේ තමන් සුවය ලබා ඇති බවයි. දරුවා බිහිවූයේ ද නැත. 60 වැනි වියට එළඹුණු ඇයට ඉවසාගත නොහැකි බඩේ වේදනාවක් ඇතිවූයෙන් යළි රෝහලට ගියාය.

ඇගේ උදරයේ ගෙඩියක් ඇති බවත් එය පිළිකාවක් විය හැකි බවත් වෛද්‍යවරු කීහ.  එසේ වුව ද එම්.ආර්.අයි. ස්කෑනින් පරීක්ෂණයකින් හෙලි වූයේ ළදරු ඇටසැකිල්ලක් උදරයේ තිබෙන බවයි. ඉන්දියාවේ නාග්පූර්හි එන්කේපී සෙල්ට් වෛද්‍ය විද්‍යා රෝහලේ දී ශල්‍යකර්මයකින් මේ කලලය ඉවත් කැරිණි.

ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යූනුස් ෂා පවසන්නේ මේ තත්ත්වය මීට වසර 38ට පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ලෝකයේ දීර්ඝත ම කාලයක් ගර්භාෂයෙන් පිටත වූ කලලයක් සිරුරතුළ තබාගෙන සිටි අවස්ථාව ද වෙයි. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ බෙල්ජියමේ දී ය. ඒ වසර 18ක් පුරා කලලයක් ගර්භාෂයෙන් පිටත තබාගෙන සිටීමෙනි.

doctors 1 doctors 2 - Copy doctors 3

 

 



අදහස් (0)

මිය ගිය දරුවා 36 වසරක් මව් කුසේ

දිමුතු නිරෝෂන් Monday, 25 August 2014 05:51 PM

හිතාගන්න බැහැ. එයාට තව දරුවන් ඉන්නවද? (නි)

:       0       0

සචින්ත Tuesday, 26 August 2014 09:07 AM

ආදරණීය දරුවෙක් හා මවක් සංසාර ගතයි ....(දී)

:       0       0

රුමේශ් Monday, 25 August 2014 05:56 AM

මේක නම් හිතාගන්න බැරි දෙයක් (නි)

:       0       0

නිලන්ත Monday, 25 August 2014 06:33 AM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

සමාධි Monday, 25 August 2014 06:49 AM

පුදුමයි, අනතුරක් නොවී ජීවත්වුණ එක (නි)

:       0       0

සවිඳු අනිශ්ක Thursday, 28 August 2014 04:08 AM

ඒ කළලයට මට වැඩිය වයසයි. අවුරුදු 36ක් කොහොම තිබුණද මන්දා? (නි)

:       0       0

ධම්මික Monday, 25 August 2014 06:50 AM

විශ්වාස කිරීමට අමාරු දෙයක් මේක නම්. (නි)

:       0       0

විශාක් Monday, 25 August 2014 06:54 AM

එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලිකර දෙන්න (නි)

:       0       0

ශ්‍රීමතී Sunday, 24 August 2014 05:07 PM

ඇයට තව දරුවන් සිටිනවාද? (නි)

:       0       0

චින්තක Monday, 25 August 2014 03:01 PM

විශාක් , එහෙම වෙන්නේ ශුක්‍රානු සහ ඩිම්බ පැලෝපිය නාලේදී සංසේචනය උනාම කලාතුරකින් යුක්තානුව ගර්භාෂයට නොගොස් නාලයෙන් ඉවතට ලිස්සා යටි බඩේ ඇතුලේ පටකයකට ඇලෙනවා. එතනින් පෝෂණයඋරා ගෙන වැඩෙනවා . නමුත් පුර්ණ දරුවෙක් ලෙස වැඩෙන කම් ඉන්න බැහැ. මෙය භයානක වන්නේ පෙකණිය ඇලුන නුසුදුසු තැනින් රුධිරය වහනය වී මව මිය යාමට පුළුවන් නිසයි. නමුත් මෙම කළලය නම් කරදරයක් නොමැතිව මවගේ සිරුරේම කොටසක් ලෙස වසර 36ක් ම තිබිල. (අ)

:       0       0

වරුණ Monday, 25 August 2014 08:46 AM

පුදුමයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site