IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මියන්මාර විපක්ෂ නායිකා සූ කී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතයි

මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (21) බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත් වීමට නියමිතව සිටියාය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, බි‍්‍ර‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට අවස්ථාව උදා වූ පස් වැනි විදේශිකයා වන්නේ සූ කීය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට සූ කීට අවස්ථාව උදා වීම සූ කීට පමණක් නොව මියන්මාරයට ද වැදගත් ඓතිහාසික අවස්ථාවක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අවසන් වරට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් මේ අයුරින් දේශනයක් පවත්වා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාය. සූ කීගේ දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ බි‍්‍ර‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් 11 වැනි සියවසේ ඉදිකළ වෙස්ට්මින්ස්ටර් ශාලාවේය. දේශනය පැවැත්වීමට පෙර සූ කී සහ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. යුරෝපා සංචාරයක යෙදෙමින්, සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ ඉකුත් 19 වැනිදාය. ඒ ඇගේ 67 වැනි උපන් දිනය විය. ලන්ඩන් නුවරට පැමිණි ඇය බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ වෙසෙන මියන්මාර ජාතිකයන් විසින් ද ඉතා උණුසුම් අයුරින් පිළිගැණුනාය. සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ විශේෂ ආරාධනාවකට අනුවය. හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ සිටි සූ කී නිදහස ලැබීමෙන් පසු ඇය බැලීමට අගමැති කැමරන් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී මියන්මාරයට ගියේය. බි‍්‍රතාන්‍යයේ සංචාරයකට පැමිණෙන්නැයි අගමැති කැමරන් සූ කීට එම අවස්ථාවේදී ආරාධනා කළේය. සූ කී විවාහ වී සිටියේ බි‍්‍රතාන්‍ය ජාතික මයිකල් ඒරීස් සමඟය. 1960 දශකයේදී සැමියා සහ පුතුන් දෙදෙනා වන කිම් සහ ඇලෙක්ස් සමඟ සූ කී පදිංචි වී සිටියේ ද ඔක්ස්ෆර්ඞ් ප‍්‍රදේශයේයි. පෙරේදා (20) ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී ඇයට ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද පිරිනැමුණි. සූ කී ට එම ආචාර්ය උපාධිය පිරිනැමීමට කටයුතු යෙදී තිබුණේ 1993 වසරේදීය. මියන්මාර හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ පසුවූ හෙයින් සූ කීට එය ලබා ගැනීමට බි‍්‍රතාන්‍යයට පැමිණීමට නොහැකි විය. සූ කී බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හමුවී...



අදහස් (0)

මියන්මාර විපක්ෂ නායිකා සූ කී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතයි

චමින්ද Saturday, 23 June 2012 12:16 PM

අපේ අයව අනුකරනය කරනවා වගේ.....යන ට්‍රැක් එකනම් හරි නෑ වගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site