IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මියන්මාර විපක්ෂ නායිකා සූ කී තායිලන්තයට පැමිණේ

දස දහස් ගණකගේ පී‍්‍රති ඝෝෂා මැද, මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (30)  තායිලන්තයට පැමිණියාය. සූ කී මේ අයුරින් විදෙස් සංචාරයක යෙදෙන්නී එක් වන්නේ විසි හතර වසරකට පසුය. ආසියා රටවල රාජ්‍ය නායකයන්ගේ ආර්ථික සමුළුවට සහභාගී වීමටය. ආසියා කලාපීය රටවල රාජ්‍ය නියෝජිතයන් මෙන්ම ව්‍යාපාරිකයෝ ද ඊට සහභාගී වෙති. මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් ද සූ කී සමඟ එම සමුළුවට සහභාගී වීමට නියමිතව සිටිය ද අවසන් මොහොතේ දී එම තීරණය වෙනස් විය. සූ කී තායිලන්තය බලා පැමිණියේ යැංගොන් ගුවන් තොටුපොළිනි. ඇය ගුවන් ගත වන අයුරු දැක ගැනීමට මියන්මාර වැසියන්ගෙන් යැංගොන් ගුවන් තොටු පොළ පිරී තිබුණි. ඇය සමඟ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂයේ නියෝජිතයෝ පිරිසක් ද තායිලන්තයට පැමිණියහ. සූ කී, වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත්, විශේෂ පොලිස් බළඇණි ඒ සඳහා යෙදවීමටත් තායිලන්ත රජය පියවර ගෙන තිබේ. සූ කී බැංකොක් නුවරට පැමිණි අවස්ථාවේ, බැංකොක් ගුවන් තොටු පොළ ඉදිරියේ රැුස්කමින් සිටි තායිලන්ත වැසියෝ පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. තායිලන්ත රජය සූ කී ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමටද කටයුතු යොදා තිබුණි. තායිලන්තයට පය තැබූ විගස සූ කී බැංකොක් නුවර දකුණු දෙසින් පිහිටි සාමුත් ෂකෝන් පළාතේ සංචාරයක යෙදුණාය. මියන්මාරයෙන් තායිලන්තයට පැමිණ සිටින සංක‍්‍රමණික සේවකයන් ජීවත් වන්නේ එම පළාතේය. ඔවුන් තායිලන්තයට පැමිණ ජීවත් වන්නේ  තායිලන්ත/මියන්මාර දේශසීමාවේ වසර ගණනාවක් තිස්සේ පවතින බෙදුම්වාදී අවි ගැටුම් හේතුවෙනි. ආපසු මියන්මාරයට යෑමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඔවුන්ට එය අසීරු කටයුත්තක් වී තිබේ. සූ කී පැමිණි වහා සාමුත් ෂකෝන් පළාතේ මියන්මාර සංක‍්‍රමණිකයෝ ඇය වටකර ගත්හ. බුරුමයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වූවා යැයි ඔවුහු පී‍්‍රති ඝෝෂා නැගූහ. මියන්මාරය අතීතයේ හැඳින්වූයේ බුරුමය යනුවෙනි. සංක‍්‍රමණිකයන් සමඟ කතාබහ කරමින් ඔවුන්ගේ දුක සැප විමසා බැලීමට ද සූ කී අමතක නොකළාය. ආර්ථික සමුළුවට සහභාගී වීමට පෙර ඇය තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා හමුවී සාකච්ඡුා කළාය. ඇය අද (31)  මියන්මාර/තායිලන්ත දේශසීමාව අසල තායිලන්තයට අයත් මේ ලා නමැති සරණාගත කඳවුරට යෑමට ද අදිටන් කරගෙන සිටින්නීය. අවි ගැටුම් නිසා අවතැන් වූ මියන්මාර වැසියන් රැඳී සිටින්නේ මේ ලා කඳවුරේය. 1988 වසරේදී රෝගී වී සිටි තම මව බැලීමට බි‍්‍රතාන්‍යයේ සිට මියන්මාරයට පැමිණි සූ කී එරට දේශපාලනය පිවිසුණු අතර මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය ද ඇයගේ නායකත්වය යටතේ පිහිටුවීය. 1990 වසරේ පැවැති මහ මැතිවරණයෙන් සූ කීගේ ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය’ විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කළත්, ඔවුන්ට බලයට ඒමට හමුදා රජය (හමුදා ජුන්ටාව)  ඉඩ නොදුන්නේය. සූ කී නිවාස අඩස්සියට පත් කෙරුණේ ඉන් පසුවය. රට හැර යන්නැයි හමුදා පාලකයන් ඇයට බලපෑම් කළ ද රටින් පිට වුව හොත් ආපසු පැමිණීමට නොහැකි වනු ඇතැයි දැන සිටි සූ කී මියන්මාරයෙන් පිටවීම ප‍්‍රතික්ෂේප කළාය. ඉන්පසු වසර 20 කට ආසන්න කාලයක් ඇය මියන්මාරයේ යැංගොන් නුවර ඇගේ නිවසේ සිරකාරියක වූවාය. 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණු අවස්ථාවේදී එය ලබා ගැනීමට හෝ 1999 වසරේදී බි‍්‍රතාන්‍ය ජාතික සැමියා මයිකල් ඒරීස් මියගිය අවස්ථාවේදී හෝ ඇයට රටින් පිටවීමට අවසර නොලැබුණි. සූ කීට නිදහස ලබා දීමට හමුදා රජය කටයුතු කළේ 2010 වසරේ නොවැම්බර් මාසයේදීය. ඉන්පසු හමුදා රජය මහ මැතිවරණය පැවැත්වීය. මැතිවරණ නීතී රීති හමුදා පාලකයන්ට රිසි පරිදින් සකස් කෙරුණු හෙයින් සූ කීට ඊට ඉදිරිපත් වීමට නොහැකි විය. මැතිවරණයෙන් ජය ලැබුවේ හමුදා පාලකයන්ට හිතවාදී දේශපාලන පක්ෂය. ඔවුන් මියන්මාරයේ නව සිවිල් රජයක් පිහිටුවීය. ජනපති ධුරයට පත් වූයේ හිටපු හමුදා රජයේ ජනරාල්වරයෙකු ව සිටි ත්වෙන් ස්වෙන්ය. ඔහු හමුදා ධුරයට විශ‍්‍රාම දී සිවිල් ජනපතිවරයකු ලෙස කටයුතු කරයි. ජනපති ත්වෙන් ස්වෙන්ගේ රජය හඳුන්වා දුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද ඇතුළු දේශපාලන සිරකරුවන් දහස් ගණකට නිදහස හිමිවිය. මියන්මාර සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට පිවිසියේ විදෙස් සම්බාධකවලින් මිරිකී තිබුණු මියන්මාරය ලොවෙන් හුදෙකලා වූ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ආර්ථික, වෙළෙඳ ආදී වශයෙන් මියන්මාරයට සම්බාධක දමා තිබුණේ එරට හමුදා පාලනය හෙළා දකිමින්ය. මියන්මාර නව රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ ඉකුත් අපේ‍්‍රල් පළමු වැනිදා මියන්මාරයේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර සූ කීට සහ ඇගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයට ඊට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණි. එම අතුරු මැතිවරණයෙන් සූ කී විශිෂ්ට ජයක් අත්පත් කර ගත් අතර දැන් ඇය මියන්මාර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියක් ද වෙයි.සුකී බැංකොක් නුවරට පැමිණි අවස්ථාව



අදහස් (0)

මියන්මාර විපක්ෂ නායිකා සූ කී තායිලන්තයට පැමිණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 55 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 41 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 33 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4520 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3297 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක
2025 මැයි මස 08 172 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 10 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site