මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එරට නව සිවිල් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා ප‍්‍රසංශනීය බවත් එය මියන්මාරයට අලූත් බලාපොරොත්තුවක් උදා කර දී ඇති බවත් එරට රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙයි. රාජ්‍ය මාධ්‍ය මේ අයුරින් සූ කීට ප‍්‍රසංශා කළේ ඇය මියන්මාර රජයේ මන්තී‍්‍රවරියක මෙන්ම විපක්ෂ නායිකාව ද ලෙස පසුගිය දා තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියා ආර්ථික සමුළුව නියෝජනය කර යළි පැමිණීමෙන් පසුවය. සූ කී පසුගිය සතියේ තායිලන්තයට ගියේ වසර 24 කට පසු විදේශ සංචාරයකට එක් වෙමිනි. මියන්මාර සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා තිබේ. එම ප‍්‍රතිසංස්කරණ නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේ ද නැද්ද යන්න ලොවට පෙන්වීමේ ප‍්‍රධාන මාර්ගය වන්නේ සූ කීට ලැබී ඇති නිදහසයි. ඇය ලබන 25 වැනිදා ප‍්‍රංශ රජයේ ආරාධනාවකට අනුව පැරිස් නුවරට යෑමට ද නියමිතව සිටින්නීය. සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද මියන්මාර සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ අගය කරමින් ඊට සහාය දීමට කැමැත්ත පළ කළේ පසුගිය අපේ‍්‍රල් මාසයේ පැවැති අතුරු මැතිවරණයෙන් පසුවය. සූ කී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස තේරී පත් වී පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ ද ඉන් පසුවය. මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් සහ සූ කී අතර හොඳ අවබෝධයක් ඇති බවත් දෙදෙනා හොඳ සහයෝගයෙන් කටයුතු කරන බවත් මියන්මාර රජයේ මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1924
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1533
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මියන්මාර රාජ්‍ය මාධ්‍යවලින් විපක්ෂ නායිකා සූ කීට පැසසුම්