IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මියන්මාර නායකයන්ගේ තනතුරු වෙනස් කෙරේ

මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණවල දෙවැනි අදියර පෙරේදා (04) කි‍්‍රයාත්මක වූ අතර දැඩිමතධාරී නායකයන් කිහිප දෙනකුගේ තනතුරු වෙනස් කෙරුණි. දේශපාලන ප‍්‍රතිසංස්කරණවල දෙවැනි අදියර කි‍්‍රයාත්මක වූයේ පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේදීය. හමුදා පාලනය අවසන් වී මහ මැතිවරණයකින් ද පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. නමුත් එහි පාලකයන් ලෙස තවමත් කටයුතු කරමින් තීරණ ගන්නේ හමුදා රජය පැවැති අවදියේදී රට පාලනය කළ හමුදා පාලකයෝය. මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් පවා හිටපු හමුදා ජුන්ටාවේ ජ්‍යේෂ්ඨයෙකි. දැන් ඔහු සිවිල් ජනපතිවරයකු ලෙස කටයුතු කරන්නේ හමුදාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුවය. ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ මියන්මාරයේ තවමත් ඇත්තේ අර්ධ හමුදා සහ අර්ධ සිවිල් රජයක් කියාය. කෙසේ නමුත් මියන්මාර රජය හඳුන්වා දී කි‍්‍රයාවට නැංවූ දේශපාලන ප‍්‍රතිසංස්කරණ බටහිර රටවල දැඩි ප‍්‍රශංසාවට ලක් වී ඇත. ඒ නිසාම මියන්මාරයට එරෙහිව පනවා තිබූ සම්බාධක ද දිනෙන් දින ලිහිල් වෙමින් පවතී. මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කීට සහභාගී වී ජයග‍්‍රහණය කළ ඉකුත් අපේ‍්‍රල් මස පළමු වැනිදා පැවැති අතුරු මැතිවරණය පැවැත්වූයේ ද සිවිල් රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණවල පළමු අදියර යටතේය. ඊට අමතරව දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීම ද සිදු කෙරුණි.



අදහස් (0)

මියන්මාර නායකයන්ගේ තනතුරු වෙනස් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site