IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මියන්මාරය සමඟ හමුදා සබඳතා ඇති කර ගන්න ඇමෙරිකාව සැරසේ

මියන්මාර හමුදාව සමඟ සබඳතා ඇති කර ගනිමින්, ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි. ”මියන්මාරයේ සිදුවන දේශපාලන පෙරැළිය සතුටුදායකයි. මියන්මාර සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් කි‍්‍රයාවට නංවා තිබෙනවා. ඒවා ගැන ඇමෙරිකා රජය පැහැදීමකට ලක් වී සිටිනවා. ආසියා කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ඇතිව මියන්මාර හමුදාව සමඟ ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඇමෙරිකා රජය සූදානම් වෙනවා” යැයි පැනේටා කියා සිටියේ පෙරේදා (2) සිංගප්පූරුවේ පැවැත්වුණු ආසියා ආරක්ෂක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන පැහැදීමට ලක් ව සිටින ඇමෙරිකා රජය මේ වනවිට මියන්මාරයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ද කටයුතු කර තිබේ. ඇමෙරිකාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ සෙසු බටහිර රටවල් ද මියන්මාරයට එරෙහිව පනවා තිබුණු සම්බාධක ලිහිල් කිරීමට කටයුතු කර ඇති අතර මියන්මාරය සමඟ තානාපති සබඳකම් ද ආරම්භ කර තිබේ. ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනවූයේ මියන්මාරයේ වසර 60 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති හමුදා පාලනයට විරෝධය පළ කරමින්ය. එහෙත් 2010 වසරේ මහ මැතිවරණයෙන් පසු දැන් මියන්මාරයේ පවතින්නේ සිවිල් රජයකි. එම රජය, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, ඒවා නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම නිසා මියන්මාරයේ දේශපාලනයේ පෙරැළියක් සිදු කර ඇත. ආසියා රටවල මෙන්ම බටහිර රටවල ද අවධානය මේ වනවිට මියන්මාරයට යොමු වී ඇත්තේ එහෙයිනි.



අදහස් (0)

මියන්මාරය සමඟ හමුදා සබඳතා ඇති කර ගන්න ඇමෙරිකාව සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 617 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site