වසර 48 ක් තිස්සේ මියන්මාරයේ පැවැති මාධ්‍ය වාරණය ඊයේ (21) සිට අත්හිටුවීමට එරට රජය තීරණය කළේය. මියන්මාරයේ මාධ්‍ය වාරණයක් ඇරැඹුණේ 1964 වසරේ අගෝස්තු 6 වැනිදාය. ඒ මියන්මාරය හමුදා පාලනයකට යටත්ව පැවැති සමයේ සිටය. මහ මැතිවරණයකින් පසු මේ වනවිට මියන්මාරයේ පවතින්නේ සිවිල් පාලනයකි. එම සිවිල් රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිංස්කරණ රැසක් හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා ඇති අතර මාධ්‍ය වාරණය ඉවත් කෙරුණේ ද එම ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රතිඵලයක් හැටියටය. මේ වනතෙක්ම රටේ මාධ්‍ය ආයතන ඔවුන්ගේ පුවත් වාරණ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වූ අතර හමුදා පාලකයන්ට අවාසි වන හෝ විරුද්ධ වන පුවත් පළ නොවිණි. මියන්මාර රජය ඊයේ කියා සිටියේ මින් ඉදිරියට රටේ මාධ්‍ය ආයතනවලට තම පුවත් වාරණ මණ්ඩලය ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයේ මාධ්‍ය වාරණය අවසන්