යුරෝපයේ සංචාරයක නිරත අවුන්සාන් සූකී ඔස්ලෝ නුවරදී පෙරේදා(16) නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවේදී විශේෂ දේශනයක් කරමින් කියා සිටියේ මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කිරීම සඳහා වූ සිය අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බවයි. මියන්මාරයේ ජාතික ප‍්‍රතිසන්ධානයක් ඇති කිරීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික ලීගය වන මාගේ පක්ෂය කැපවී කි‍්‍රයාකිරීමට අපේක්ෂා කරනවා යැයි සූකී එම දේශනය අමතමින් කියා සිටියේය. වත්මන් පාලකයන් එරට වෙසෙන විවිධ ජන කණ්ඩායම් සමඟ සටන් විරාම ගිවිසුම්වලට එළඹ සිටිය ද මේ වන විට මියන්මාරයේ උතුරු සහ බටහිර ප‍්‍රදේශවල හට ගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය නිමාවන ලකුණු පෙනෙන්නට නැතැයි ද සූකී පැවැසීය. රකීන් පළාතේ හටගගෙන ඇති මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට 50 දෙනකු මියගොස් ඇති අතර දහසකට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටිති. මීට වසර 21කට පෙර නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමි වූවත් මියන්මාර හමුදා පාලනය විසින් ඇයට රටින් පිටවීම තහනම් කර තිබූ නිසා එය ලබා ගැනීමට ඔස්ලෝ නුවරට පැමිණීමට ඇයට නොහැකි විය. නොබෙල් ත්‍යාගය ලැබීමෙන් තමාට ජාතික තලයෙන් ඔබ්බට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට අවස්ථාව සැලසුණ බව ඇය සිය දේශනයේදී සඳහන් කළාය. ඔස්ලෝ නගරශාලාවේ පැවැති මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවට රාජකීයයන්, විද්වතුන් සහ මියන්මාර ජාතිකයන් පිරිසක් ද සහභාගී වූහ. නෝර්වේ සංචාරය අවසන් කරමින් ඇය අද (18) දිනයේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අඛණ්ඩව කි‍්‍රයා කරනවා