මියන්මාර ජනාධිපති ත්වෙන් සෙයින්ගේ රජය ඊයේ (23) දේශපාලන සිරකරුවන් 70 දෙනකුට නිදහස ලබා දුන්නේය.
මියන්මාර රජය දේශපාලන සිරකරුවන් නිදහස කරන්නේ, නව දේශපාලනික ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදී ඒවා කි‍්‍රයාත්මක කරමින්ය. මියන්මාර රජ මීට සති තුනකට පෙර ද දේශපාලන සිරකරුවන් 50 දෙනකු නිදහස් කිරීමට පියවර ගත්තේය.
සිරකරුවන් නිදහස් කිරීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල පැසැසුමට ලක් වී ඇත. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේ දී එරටට එරෙහිව පනවා තිබූ ආර්ථික, වෙළෙඳ සහ දේශපාලනික සම්බාධක මීට වසර දෙකකට පෙර ලිහිල් කළේ ද එම නව දේශපාලන ප‍්‍රතිංස්කරණවලට ප‍්‍රසංශා කරමිනි.
මියන්මාරයේ වත්මන් සිවිල් රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට යොමු වී ඇත. තවත් දේශපාලන සිරකරුවන් පිරිසක් අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් සියල්ලන්ම මේ වසර අවසානයේ නිදහස් කරන බවත් මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනැවූයේ 1990 දශකයේ මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේදීය. සම්බාධක පැනැවීමේ අරමුණ වූයේ මියන්මාරය ලොවෙන් හුදෙකලා කිරීමය.
විපක්ෂ නායිකාව මෙන්ම මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සූ කී වසර 15 ක් නිවාස අඩස්සියේ තැබුවේ ද එම හමුදා රජයයි.
මියන්මාරයේ හමුදා පාලනය 2009 වසරේ දී අවසන් විය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයේ දේශපාලන සිරකරුවෝ 70 කට නිදහස