IMG-LOGO

මියන්මාරයේ අෂීන් විරාතු හිමි නිදහස්

මියන්මාර හමුදාව ජාතික බෞද්ධ භික්ෂුවක් ලෙස ප්‍රකට අෂීන් විරාතු හිමි නිදහස් කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අෂීන් විරාතු හිමි ඉකුත් නොවැම්බර් මාසයේ දී සිරභාරයට ගැනුණු අතර රෝගාතුර වීම හේතුවෙන් ඉන් අනතුරුව රෝහල් ගත කෙරුණි.

මියන්මාරය තුළ මුස්ලිම් විරෝධී ගැටුම් නිර්මාණය වූයේ අෂීන් විරාතු හිමියන්ගේ මූලිකත්වයෙන් යැයි චෝදනා එල්ල වී තිබේ.

මියන්මාරය තුළ ආගමික වෛරය පතුරුවන්නේ අෂීන් විරාතු හිමි යැයි ද චෝදනා එල්ල වී තිබෙන බලයෙන් පහ කෙරුණු මියන්මාරයේ අවුන් සාන් සූචීගේ ආණ්ඩුව අෂීන් විරාතු හිමි රාජද්‍රෝහී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරභාරයට පත් කළේය.

කෙසේ නමුත් අෂීන් විරාතු හිමිට එරෙහිව තිබෙන සියලු චෝදනාවලින් උන්වහන්සේ නිදහස් කරන බව මියන්මාර හමුදාව සඳුදා නිවේදනය කළේ ය.

උන්වහන්සේ මේ වනවිට හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

අෂීන් විරාතු හිමි “බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණත” යැයි ටයිම් සඟරාව එක් අවස්ථාවකදී වාර්තා කළේ ය.

(අල්ජසීරා)



අදහස් (0)

මියන්මාරයේ අෂීන් විරාතු හිමි නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 383 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 189 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1888 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site