IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මියන්මාරයට ප‍්‍රජාතත්ත‍්‍රවාදය උදාවෙන දිනය අත ළඟයි

මියන්මාරයට (බුරුමයට) ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවන දිනය ඉතා ආසන්න යැයි එරට ප‍්‍රජාතන්ත නායිකා අවුන් සාන් සූ කී පවසයි. සූ කී මේ බව කියා සිටියේ ඊයේ (12) ඇමෙරිකාවේ පිහිටුවූ ‘ආසියා සංවිධානය’ ඇයට සම්මානයක් පිරිනැමූ අවස්ථාවේදීය. මෙතෙක් කලක් බුරුමයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වී නොතිබුණ ද දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බුරුමයට ළඟා වෙමින් පවතින්නේ යැයි සූ කී පැවැසුවාය. සූ කී එම අවස්ථාවේදී මෑත කාලයේ ව්‍යවහාරයට ගත් ‘මියන්මාරය’ යැයි නොකියා අතීතයේ භාවිතා කළ ‘බුරුමය’ යන නමින් නැවතත් ඇගේ රට හඳුන්වාදීම ද ඉතා සුවිශේෂී සිදුවීමක් යැයි විදෙස් පුවත් වාර්තා කර තිබුණි. මියන්මාරයේ නව සිවිල් රජය එළැඹෙන අපේ‍්‍රල් මාසයේදී අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර සූ කී ද ඊට ඉදිරිපත් වීමට සූදානම් වන්නීය. නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන සූ කී ගතවී ගිය විසි වසරින් වැඩි කාලයක් ගත කළේ නිවාස අඩස්සියේය. ඇයට නිදහස හිමිවූයේ ඉකුත් වසරේ මියන්මාරයේ පැවැති මහ මැතිවරණයෙන් පසුවය. එම මැතිවරණයෙන් ජය ගත්තේ මියන්මාර හමුදාවට හිතවත් දේශපාලන පක්ෂය. මියන්මාර නව සිවිල් රජය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ විදේශවල පැසැසුමට ද ලක්වී ඇත.



අදහස් (0)

මියන්මාරයට ප‍්‍රජාතත්ත‍්‍රවාදය උදාවෙන දිනය අත ළඟයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site