IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මියන්මාරයට නව යුගයක් උදාවුණා:

මියන්මාරයේ පෙරේදා (1) පැවැති අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වූ එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී, ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවන් අමතමින් කියා සිටියේ මියන්මාරයට ‘නව යුගයක්’ උදා වූ බවය. ”ඇත්තෙන්ම මෙය මා ලැබූ ජයග‍්‍රහණයක් නොවෙයි, ජනතාව ලැබූ ජයක්. මෙය මියන්මාරයේ නව යුගයක ආරම්භයක්” යැයි යැංගොන් නුවර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට ඊයේ (2) රැස්වී පී‍්‍රතීඝෝෂා පැවැත්වූ ආධාරකරුවන් අමතමින් සූ කී පැවැසුවාය. 66 හැවිරිදි සූ කී මැතිවරණයට ඉදිරිපත් වූයේ කවුමු ඡුන්ද කොට්ඨාසයෙනි. ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසන අන්දමට සියයට 82 ක ඡන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට ඇය සමත් ව සිටින්නීය. ඇගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද එරට පාර්ලිමේන්තුවේ ආසන 44 ක් ජයග‍්‍රහණය කර තිබෙන බව වාර්තා වේ. කෙසේ නමුත් සූ කී හෝ ඇගේ ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය’ ලැබූ ජය තවමත් නිල වශයෙන් තහවුරු වී නැත. මැතිවරණයේ අවසන් නිල ඡන්ද ප‍්‍රතිපල නිකුත් කිරීමට සතියක් පමණ කාලයක් ගත වනු ඇතැයි මියන්මාර මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. නිල ඡන්ද ප‍්‍රතිපල එළි දැක්වෙන තුරු සන්සුන්ව සාමකාමීව හැසිරෙන්නැයි ඇය ඇගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කළාය. ”මා දන්නවා ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හැමදෙනාම සිටින්නේ ඉමහත් සතුටින්. ඒත් අපේ ඒ සතුට අපට අවාසියක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.” යැයි  සූ කී වැඩි දුරටත් අවධාරණය කළාය. 1962 වසරේ සිට මියන්මාරයේ පැවැතියේ හමුදා පාලනයකි. 2010 වසරේ දී මහ මැතිවරණයක් පැවැත්වූ අතර එම මැතිවරණයෙන් බලයට පත් වූයේ හමුදා පාලකයන්ට පක්ෂ දේශපාලන කණ්ඩායම්ය. එම දේශපාලන කණ්ඩායම් එක් වී සිවිල් රජයක් පිහිටුවූහ. එම අවස්ථාවේදී හමුදා නායකයෝ හමුදා ධුරවලට සමු දී විශ‍්‍රාම ගියහ. සිිවිල් රජයේ නායකත්වයට පත් වූවෝ විශ‍්‍රාමික එම හමුදා ප‍්‍රධානීහුය. එම සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති අතර අතුරු මැතිවරණය පැවැත්වුණේ ද ඒ අනුවය. අතුරු මැතිවරණයෙන් සූ කී ජය ගත්ත ද මියන්මාර රජයට බලපෑමක් කිරීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. සූ කීට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්න ප‍්‍රශ්නාර්ථයක් වී ඇතැයි ද දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති. කෙසේ නමුත් 2015 දී පැවැත් වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වී, මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කරදීමට සූ කීට හැකිවේ යැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. මියන්මාර සිවිල් රජය අතුරු මැතිවරණය පැවැත්වූයේ, ආසන 664 කින් සමන්විත මියන්මාර පාර්ලිමේන්තුවේ හිස්ව ඇති ආසන 45 වෙනුවෙන් ජනතා නියෝජිතයන් තේරීමට පමණක්ම නොව, ජාත්‍යන්තරයෙන් ඔවුන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී ඇති නිසාය. පක්ෂ ආධාරකරුවන්ගෙන් සූ කීට සුබ පැතුම් විරෝධතාකරුවෙක් අත්අඩංගුවට



අදහස් (0)

මියන්මාරයට නව යුගයක් උදාවුණා:

ප්‍රභාත් Tuesday, 03 April 2012 10:16 AM

කරුණාකර ඡායාරූපයේ මාතෘකාව වෙනස් කරන්න.

:       0       0

චන්දන Tuesday, 03 April 2012 10:44 AM

ලංකාව ගැන පළමුව හිතන්න

:       0       0

සුගත් Tuesday, 03 April 2012 06:19 PM

සුකීගේ හොද මිතුරියක් ලංකාවේ ඉන්නවා. එයාට ගොඩක් සතුටු ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site