IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මියන්මාරයට එරෙහි ඇමෙරිකා වෙළෙඳ සම්බාධක ලිහිල් වෙයි

මියන්මාරයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සහ ආර්ථික සම්බාධක තවත් ලිහිල් කිරීමට ඇමෙරිකා රජය පෙරේදා (11) තීරණය කළේය. ඒ අනුව ඇමෙරිකා සමාගම්වලට මියන්මාරය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ඉඩ සැලැසෙන බව ධවල මන්දිරය පවසයි. ඇමෙරිකාව එම සම්බාධක ලිහිල් කළේ වසර 22 කට පසු මියන්මාරය වෙනුවෙන් ඇමෙරිකා රජය පත් කළ තානාපති ඩෙරික් මිචෙල් පෙරේදා නායිපායිදේව් අගනුවරදී මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන්ට හමුවූ අවස්ථාවේදීය. මියන්මාර තානාපති ධුරය වෙනුවෙන් ඩෙරික් මිචෙල් පත් කළේ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාය. ඩෙරික් මිචෙල් ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස ද කටයුතු කළ අයෙකි. මියන්මාරයේ හමුදා රජය පැවැති අවධියේදී ඔවුන්ගේ දළදඬු පාලනය හෙළා දකිමින් ඇමෙරිකාව ද මියන්මාරයට සම්බාධක පැනැවූ අතර සෙසු රටවල් මෙන්ම මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අත් හැරියේය. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ ද පැසැසුමට ලක් විය. මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කෙරෙන්නේ ඒ අනුවය. ඩෙරික් මිචෙල් මියන්මාර ජනපති හමුවීමෙන් පසු එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ. ඩෙරික් මිචෙල් සූ කී හමුවූ අවස්ථාව



අදහස් (0)

මියන්මාරයට එරෙහි ඇමෙරිකා වෙළෙඳ සම්බාධක ලිහිල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site