IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මියගිය පිරිස වෙනුවෙන් සොව පළ කෙරේ

‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, මුහුදු පතුළේ පීඩනයට හසුවී, පිපිරී විනාශ වූයේ යැයි සැක කෙරෙන ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ සිටි පස් දෙනා සම්බන්ධයෙන් සොව පළවෙමින් තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේය.

‘ටයිටන්’ සබ්මැරීනය අයත් වූයේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමටය. ‘ටයිටැනික්’ නැවට සංචාරකයන් රැගෙන යෑම ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම විසින් සිදු කරනු ලබයි.

පිපිරී විනාශ වන්න ඇතැයි සැක කෙරෙන කුඩා සබ්මැරීනයේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාලමේ ප්‍රධානී 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් ද විය. යානයේ නියමුවා ලෙස කටයුතු කළේ නාර්ජොලේය. 77 හැවිරිදි මොහු ප්‍රංශ නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකි. අවස්ථා ගණණාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය අයෙකි.

සංචාරකයන් ලෙස ගමනට එක් වී සිටියේ බ්‍රිතාන්‍ය බිලියනපති 58 හැවිරිදි හමීෂ් හාර්ඩිං ය. ඊට අමතරව, සබ්මැරීනයේ බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික කෝටිපති ව්‍යාපාරික 48 හැවිරිදි සුලෙයිමාන් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ද විය.

මුහුදු පතුලේ පීඩනයට හසුවීමෙන් යානය පුපුරා ගිය බවත්, පිරිස ක්ෂණික මරණයකට ලක් වන්න ඇති බවත් ඇමෙරිකන් නාවික හමුදාව පැහැදිලි කර තිබේ.

‘ටයිටන්’ යානයේ සුන්බුන් යැයි සැක කරන කොටස් අඩි 1,600 ක් මුහුදු පතුලින් සොයා ගැනීමට රොබෝ කිමිඳුම් යානයක් සමත් වූයේ ඊයේ (22) රාත්‍රියේය.



අදහස් (1)

මියගිය පිරිස වෙනුවෙන් සොව පළ කෙරේ

Hira Friday, 23 June 2023 12:33 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත .එයා තීරණය කල මේ කියන පුද්ගලයෝ පස් දෙනා ජීවත් උනා ඇති කියලා

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site