IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මුම්බායි ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට

ඉන්දියාවේ මුම්බායි නුවර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන හෆීස් සයීද් අත්අඩංගුවට ගත්බව පාකිස්තාන බලධාරීහු අද (17) ප්‍රකාශ කළහ. 

ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව ද පාකිස්තාන බලධාරිහු කීහ. 

මුම්බායි නුවරට 2008 වසරේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිවු දිනක් මුළුල්ලේ පැවැත්විණි. 

පාකිස්තාන බලධාරීන් හෆීස් සයීද් අත්අඩංගුවට ගත්තේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වීමට දින කිහිපයක් තිබියදීය. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් පාලනය කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සයීද් ත්‍රස්තවාදියකු ලෙස නම් කර ඇත. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ලක්ෂාර් ඊ තයිබා සංවිධානයේ නිර්මාතෘවරයා වන්නේ ද සයීද්ය. මුම්බායි නුවර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව චෝදනා එල්ල කළේ ද එම සංවිධානයටයි. එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන සයීද් තම සංවිධානය සතුව සෙමනේරි, පාසල්, රෝහල්, ප්‍රකාශන ආයතන සහ ගිලන් රථ සේවා 300ක් පමණ තිබෙන බවත් කිසිදු සන්නද්ධ හෝ ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ නැතැයි ද පැවැසීය.

රොයිටර් ඇසුරිනි  

055

 



අදහස් (0)

මුම්බායි ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site