IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මිනිසා සිය වසරකින් වඳවෙයි

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමත්, අධික ජනගහනයත් හේතුවෙන් මීළඟ වසර 100 ඇතුළතදී මිනිස් වර්ගයා මිහිමතින් වඳවී යනු ඇතැයි බටහිර විද්‍යාඥයෝ දෙදෙනෙක් අනතුරු අඟවති.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ  ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ෆෙනර් ඇතුළු කණ්ඩායමය. ෆෙනර් ඇතුළු මෙම පිරිස 2010 වසරේ දී ද ගෝලීය උණුසුම පාලනය කර ගත නොහැකි අයුරින් ඉහළ යෑම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම්වත් කර ඇත. එහෙත් ෆෙනර් පවසන්නේ එම අනතුරු ඇඟවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ලෝකයේ බලවත් රටවල් හෝ කන් නොදුන් බවය.

‘ජී 7 කණ්ඩායම උත්සහ ගන්නවා ගෝලීය උණුසුම පිටුදැකීමට. ඒ ගැන ඔවුන්ට උනන්දුවක් තිබෙන බව පෙනෙනවා. එනමුත් දැන් ප‍්‍රමාද වැඩියි. ගෝලීය උණුසුම පාලනය කිරීමට නොහැකි අයුරින් ඉහවහා ගිහින්. එය වළක්වන්න විදියක් නැහැ.’ යැයි මහාචාර්ය ෆෙනර් වැඩි දුරටත් කියා සිටී.

ලොව ඉහළම උෂ්ණත්වයක් වාර්තා වූ වසර ලෙස ගිනස් වාර්තා පොතට එක් වූයේ පසුගිය 2014 වසරයි. එහෙත් මෙම 2015 ඊට වඩා උණුසුම් වනු ඇති බවටත් 2016 වසර ඊටත් වඩා උණුසුම් වනු ඇති බවටත් ඇමෙරිකානු කාලගුණ විද්‍යාඥයෝ බිය පළ කරති.



අදහස් (0)

මිනිසා සිය වසරකින් වඳවෙයි

විරාජ් Wednesday, 01 July 2015 02:16 AM

වැඩිම CO2 මුදාහරින රට චීනයයි. ‍යුරෝපා රටවල් සියල්ලේම CO2 මුදාහැරීම චීනයට වඩා අඩුයි. (නදී)

:       0       0

ඉන්දික Friday, 03 July 2015 09:00 AM

සමහර අය ඇමෙරිකාවට ගැන නොදැන කතාකරනවා වගේ , එ්ත් ඒ අය‍ට මතක් කරලා දෙන්න ඕන ජීවත් වෙන මිනිසුන්ට එරෙහිව පරමාණු බෝම්බ 2 පාරක්ම පාවිච්චි කළේ ඇමෙරිකාව බව. දැනටත් ලෝකයේ වැඩියෙන්ම මානව සංහාරක අවි නිපදවන්නේ ඇමෙරිකාව. (බ)

:       0       0

චන්න බුවනක Thursday, 16 July 2015 07:39 AM

එ්ක හොඳයි. මොකද දන්නවද අනිත් සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් එතකොට.(නදී)

:       0       0

නිහාල් Friday, 03 July 2015 04:25 PM

කස්ටියම වද වෙලා යනවනම් ? ප්‍රශ් නයක් ඉතුරු වෙන්නේ නැනේ. (ර)

:       0       0

ප්‍රසන්න Wednesday, 01 July 2015 07:26 AM

සියලුම රටවල් ලොකු පොඩි වශයෙන් විනාශයට දායක වෙනවා. අපේ රටේ උනත්... අභය භූමිවල ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා, ගුවන් තොටුපළවල් හදනවා. රක්ෂිත මැදින් පාරවල් කපනවා. ජල පෝෂක ප්‍රදේශ වල හෝටල් හදනවා. ඔය හැම දෙයක්ම පරිසර විනාශයට බලපානවා.(නදී)

:       0       0

සිරිල් Wednesday, 01 July 2015 07:26 AM

ලක්මාල් මේකට වැඩිපුර වග කියන්න ඕනේ චිනයයි ඉන්දියාවයි (නදී)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 11:30 AM

ඉන්දියාව චීනය ජන ගණත්වය ගොඩක් වැඩි රටවල්. ඒ රටවල් වල ඒක පුද්ගල සම්පත් පරිබෝජනය ඉතා අඩුයි. නමුත් බටහිර ඒක පුද්ගල පරිබෝජනය ඉතාම ඉහල අගයක් ගන්නවා වගේම, ඔවුන් එම රටාව අනෙත් රටවලටත් ව්‍යාප්ත කරනවා. දැනට පවතින වැරදි අදු රදර්ශී පරිබෝජන රටාව ලෝකෙට ව්‍යාප්ත කලේ බටහිරින්. ඒක හරියට ඉන්දන ගොඩක් වැයවෙන හැමර් ජීප් එකේ එන ඇමෙරිකන් ජාතිකයෙක්, අඩු ඉන්දන වැයවෙන ත්‍රීවීල් එකේ කලුදුම, සද්දේ වැඩි කිව්වා වගේ තමා. (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 01 July 2015 07:02 PM

සත්‍යජිත්, මම කිව්වේ අද ලෝකයේ සිදුවන දෙය.ජනගහණය ප්‍රමාණයටත් වඩා සිදුවන්නේ ඔය උෂ්ණ රටවල. ඔබ කියන පරිදි වෙලා නම්, ජනගහණය වැඩිවන්නේ කොහොමද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 11:37 AM

දැනට පෙනෙන හැටියට මේ විනාසයෙන් ලෝකය බේරගන්න අවශ්‍ය ක්‍රමවේද බලාපොරොත්තු වෙන්න පුළුවන් පෙරදිගින්. මොකද ලෝකෙට හැමදාම ප්‍රඥාව ආවේ පෙරදිගින්. හැගෙන හැටියට භාරතයෙන්. (නදී)

:       0       0

ලක්මල් Wednesday, 01 July 2015 07:40 AM

චීනය, ඉන්දියාව , දකුණු කොරියාව , බ්‍රසීලය වැනි මෑතක දියුණු වුනු රටවලින් වර්තමානයේ සිදුවන පරිසර දුෂණය අද අපිට ඇස්වලට පෙනුනට අද ලෝකයේ මේ විනාසයට හේතුවෙලා තියෙන්නේ වසර සිය ගණනක් තිස්සේ ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් පාලනයකින් තොරව කලාවූ අපිරිමිත පරිසර විනාශයයි (නදී)

:       0       0

රුවන් Wednesday, 01 July 2015 04:47 AM

ලක්මාල් ආවට ගියාට වචන හසුරුවන්න එපා. ටිකක් හොයලා බලලා වචන හසුරුවන්න. දන්නා කෙනා දන්නවා පරිසර දූෂණය ඉහල මොන රටවලද කියලා. (නදී)

:       0       0

සත්‍යජිත් Wednesday, 01 July 2015 12:45 PM

ලොකුම මෝඩ කොමෙන්ට් එක දාල තියෙන්නෙ ආනන්ද දොඩංගොඩයි. උණුසුම වැඩිවන විට ශුක්‍රාණු අඩුවෙලා ජනගහනය අඩුවෙනවා. සෙල්සියස් එකකින් දෙකකින් වැඩිවුනොත් පිරිමි විශාල පිරිසක් වද භාවයට පත්වේවි. ලිංගික සම්බන්ධනම් දැනුත් ඕනතරම් සිද්ධවෙනවා. (නදී)

:       0       0

ලක්මල් Wednesday, 01 July 2015 01:01 PM

ඔබ අද ලෝකයේ දකින දෙයින් නිගමන වලට එනවා නම්, එය ඔබගේ ලින් මැඩි මානසිකත්වයයි. ඉහත කි රටවල් අපි අවදි වෙනකොට පැලැස්තර වහල ඉවරයි. එංගලන්තය මුල්ම භූගත දුම්රිය මාර්ගය හැදුවේ අපි කොළ අතු ඇදපු කාලයේ. (නදී)

:       0       0

බුද්ධික Thursday, 02 July 2015 01:42 AM

බොරු කයිය ගහන්නේ නැතිව ගහක් හිටවන්න. (නදී)

:       0       0

විජිත් Friday, 03 July 2015 05:27 AM

' කලක මෙහෙන් චුතවෙනවා - එලොව ගිහින් වැජඹෙනවා... කුලගොත නම වෙනස්වෙලා - ආයෙත් මෙලොවට එනවා එහෙම වුනත් කිසිම දිනෙක අපි මැරෙන්නේ නැහැ...(බ)

:       0       0

ලක්මාල් Wednesday, 01 July 2015 01:19 PM

ලංකාවේ නංගිලා මල්ලිලා හොදට අවබෝද කරගන්න, ඔය කොම්පියුටර් වලට තොරතුරු ඇතුලත් කරන්නෙත්, ඉහත කි රටවල් විසින්මයි (නදී)

:       0       0

කුමුදු කුමාර Friday, 03 July 2015 05:54 AM

මේ ප්‍රශ්නයේදි ලෝක සිවිල් පුරවැසියන් පමණක් දැනුවත් කිරීම විසදුමක් කියල මම දකින්නෑ මොකද අද 1% පමණයි සිවිල් සමජයෙන් පරිසරය විනාශය සදහා දායක වෙන්නෙ අනිත් 99%ම ලෝක සිවිල් සමාජය පාලනය කරන පාලකයන් අතිනුයි සිදුවන්නෙ මුදලට ඇති තන්හාව නිසා සොබා දහමට විරුද්දව අද මොන මොනදේ සිදු වෙනවද ඒ ක්‍රියා දාමයන් නතර වූ දවසට මේ සොබාදහමේ පිරිහීමද නතරවනු ඇත (බ)

:       0       0

ජෙහාන් Wednesday, 01 July 2015 01:35 PM

අපේ ලංකාවේ නම් මොනවා නැතත් ජනගහණය නම් වර්ධනය වෙනවා. සීතල වුණත් රස්නේ වුණත් දෙවියන්ගේ පිහිටෙන් ඇස්වහක් කටවහක් නැහැ. (නි)

:       0       0

නිහාල් Tuesday, 30 June 2015 06:18 PM

මේ ගැන ජනතාවට වටහා දුන්නොත් හොඳයි නේද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 01 July 2015 08:53 AM

මම නම් දන්නා හැටියට සීත රටවල ජනගහනය වර්දනය වීමට වඩා උෂ්ණ රටවල අප්‍රිකාව වගේ රටවල ජනගහනය සීග්‍රයෙන් වර්දනය වෙනවා. මෙම සීත රටවලත් උනසුම් උනොත් ලිංගික හැඟීම් උණුසුම් වෙලා තව තවත් ජනගහනය වෙඩි වෙනවා මිසක අඩුවෙන්නේ නැහැ (නදී)

:       0       0

සල්ගාදු ප්‍රංශය Wednesday, 01 July 2015 08:58 AM

ලක්මාල් ඔබ බටහිර විරෝධියෙක් වන්නට පුළුවන් , නමුත් කොම්පුයුටර් තාක්ෂණය යොදා සොයා බලන්න මොන රටවලද බහුලව පරිසර දුෂණය කරන්නේ කියා , වැඩිම පරිසර දුෂණය ආසියාවත් ( ඉන්දියාව චීනය දකුණු කොරියාව සහ තව රටවල් ) යුරෝපය පරිසර දුෂණය අවම රටවල් , සහ ඒ සඳහා බලවත් නීති පනවා තියෙනවා (බ)

:       0       0

යටවත්ත Tuesday, 30 June 2015 08:32 PM

මේවා මිනිසුන්ට තේරෙනකොට පරක්කු වැඩිවෙලා තිබේවි (නි)

:       0       0

කුමාර Friday, 03 July 2015 07:08 AM

අවුරුදු 100කින් හරි වඳවෙලා යන එක ගැන මම නම් සතුටුයි (නි)

:       0       0

බටු Wednesday, 01 July 2015 09:18 AM

බය වෙන්න එපා ඊට කලින් පව් ටිකක් පුරවාගෙන මිනිහ වලපල්ලේ (නදී)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 03:22 PM

ලක්මාල්,දන්නා දෙයක් කතා කරන්න. ඔයා ඇමෙරිකාවට ගිහින් තියෙනවද? අපේ රටවල් එක්ක බලද්දී ඒ රටවල් ගොඩක් පිරිසිදුයි. එයාල ගොඩක් දේවල් කරන්නේ පරිසරය ගැන හිතලා. ඔයා අර නිකන් ළි‍ඳේ ඉන්න ගෙම්බා වගේ මෝඩ කතා නොකියා ඉන්න.හොයලා බලලා කතා කරන්න. (නි)

:       0       0

පහන් Wednesday, 01 July 2015 09:33 AM

විද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ෆෙනර් මහත්මයා,ලංකාවෙත් පරිසර සංහාරය තදින්ම තිබෙනවා.විල්පතුවේ කැලෑ කපනවා. මනම්පිටියේ වැලි ගොඩදානවා. අනවසර මැණික් පතල් මෙහෙනුත් ලෝකය වනසන්න දායක වෙනවා. (නි)

:       0       0

සුදත් ශ්‍රී Friday, 03 July 2015 03:33 PM

ඉන්දික, පරමාණු බෝම්බ දෙකම ජපානය විසින් ඉල්ලන් කෑමක් බව නොදන්නේද? දෙවැනි ලෝක යුද්ධ අවසාන වුනෙත් ඒ නිසයි. අවාසනාවට වැඩියෙන්ම අවි ආයුධ මිලදී ගෙන භාවිතා කරන්නේ ආසියාතික රටවල්. නිෂ්පාදනය කරන ඇමරිකාවට බැනල වැඩක් නැහැ. (ර)

:       0       0

සුදේක් Wednesday, 01 July 2015 03:35 PM

ඔබ යුරෝපය සහ උතුරු ඇමෙරිකව යන රටවල පරිසර හිතකාමී සංවර්දන කටයතු ගැන නියම අවබෝධයක් නොමැතිනම් කරුණාකර ඒ ගැන කතා නොකර ඉන්න. ඒ සදහා පවතින නීති, ප්‍රමිතිය සහ රාමු ඉතා ඉහල මට්ටමක මේ රටවල් පැවතගෙන ඉන්නේ බොහෝ කලකට ඉදන්. මෙහි ජිවත් වෙන කෙනෙක්ට ඕක අරුමයක් නොවේ. (ර)

:       0       0

සුදත් ශ්‍රී Friday, 03 July 2015 07:53 AM

ලක්මාල්ට වැරදිලා. අවාසනාවට පරිසර දූෂිත රටවල් වලින් පළමු රටවල් දාහතරම තියෙන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ.(ම)

:       0       0

ලක්මාල් Wednesday, 01 July 2015 12:19 AM

ඇමරිකාව ඇතුළු යුරෝපයේ ආත්මාර්ථකාමී වැඩ නිසා මේ සුන්දර ලෝකය විනාශ වෙනවා. මතුපිටින් ලස්සනට පෙන්නාගෙන හිටියට ඒ රටවල පරිසර දුෂණය හරි ඉහළයි (නි)

:       0       0

නිලූප Friday, 03 July 2015 01:17 AM

අහනකොටත් මට නම් බයයි (නි)

:       0       0

එරා Wednesday, 01 July 2015 10:02 AM

බයවෙන්න එපා යහලුවනේ, මිනිසා මේ මිහිමතින් වඳ වී යන්නේ නැහැ, වඳ වී ගියත් ඒ අවුරුදු කල්ප කෝටි ගානකට පස්සේ, එත් ලෝක විනාශයකදී, ඊට පස්සෙත් වෙන්නේ මිනිසා මේ ලෝකේ පහල වෙන එක, එක තමයි මේ ලෝකේ සොබාවය, මේ ලෝක ස්වභාවයේ ඇත්ත තත්ත්වය, මිනිසුන්ගේ සිල්වත් බව ගුණවත් බව අඩු වීගෙන යද්දී මිනිසුන්ගේ ආයුෂය අඩු වෙනවා, ස්වභාවය පරිසරය වනසනවා , ගෝලීය උණුසුම ඉහල යනවා කියලා කියන්නේ මිනිසුන්ගේ සිල්වත් බවේ ගුණවත් බවේ පිරිහීමක්, හේතුවක් නිසයි පලයක් ඇතිවෙන්නේ, ඒ පලයම හේතුවක් වෙලා තව තවත් හේතු හදනවා, හොදට ඇස කන් විවර කර නුවනින් මේ ලෝකයේ ස්වභාවය විමසුවොත් තමාටම මේ ස්වභාවය අවබෝධ වෙයි. (ර)

:       0       0

අතුල Wednesday, 01 July 2015 06:57 AM

වසර 100 මොකටද? මේ බෙලි කපන විදිහට 50 ක් තිබුනහම ඇතිවෙයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site