IMG-LOGO

මන්දාකිණියක ගුප්ත සංඥා දුරේක්ෂයක සටහන් වේ

සෞරග්‍රහ මණ්ඩලයට ඉතා දුරින් පිහිටි මන්දාකිණියකින් විහිදුන ගුප්ත සංඥා කිහිපයක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.

 මෙම සංඥා නැවත නැවතත් විහිදී ඇති අතර එවැනි තරංග 13ක් හඳුනාගෙන ඇත.
 කැනඩාවේ බිටිෂ් කොලොම්බියාහි පිහිටි චයිම් නැමැති දුරේක්ෂයේ සටහන් වී ඇති මෙම දත්ත සම්බන්ධව තාරකා විද්‍යාඥයෝ පර්යේෂණ ආරම්භ කර ඇත.
 
 කෙසේ වුවද මෙම තරංග වල ස්වභාවය හෝ එය ඇතිවූ ආකාරය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
 
මීට පෙර මෙවැනි තරංග හඳුනාගෙන ඇති නමුත් ඒවා නිකුත් වී ඇත්තේ එක් වරක් පමණක් බවද මෙලෙස නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියක් බවද විද්‍යාඥයෝ සඳහන් කරති.
 
 
එවැනි සංඥා වලට හේතු විය හැකි නියමයන් කිහිපයක් පවතින බව විද්‍යාඥයෝ පවසති.
 
ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක ස්පන්දනය වන නියුට්‍රෝන තාරකාවක් හෙවත් මියගිය තරුවකින් මෙවැනි තරංග නිකුත් විය හැකිය යන්න එක් මතයකි.
 
තවත් මතයක් වන්නේ නියුට්‍රෝන තාරකා දෙකක් එකිනෙක ගැටීමෙන් මෙවැනි තරංග නිකුත් විය හැකි බවයි. 
 
මේවා පිටසක්වල ජීවින් හෝ යානා විසින් නිකුත් කරන ලද සංඥා වියහැකි බවට ද මතයක් පවතින නමුත් බොහෝ විද්‍යාඥයෝ එම මතය බැහැර කරති.
 
 (බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

මන්දාකිණියක ගුප්ත සංඥා දුරේක්ෂයක සටහන් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1676 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site