ඉන්දියාවේ මාධ්‍ය ආයතන දෙකක ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබූ පසුව නැවත ස්ථාපිත කර ඇත.
ඉන්දියාවේ ප්‍රවෘත්ති විකාශන ආයතනයක් වන එන්.ඩී.ටීවී. සහ එරට ප්‍රවෘත්ති කාර්යාංශයක් වන ඒ.එන්.අයි. යන ආයතන දෙකේ ට්විටර් ගිණුම් අත්හිටුවීමට සමාජ ජාල සමාගමක් වන ට්විටර් සමාගමක් පියවර ගෙන තිබිණි.
මෙම අත්හිටුවීම්වලට හේතු මොනවාදැයි සඳහන් නොකරමින් ට්විටර් සමාගම එම පියවර ගෙන තිබිණි. සිය ප්‍රධාන ට්විටර් ගිණුම් සීමා කර ඇතැයි ඒවා අත්හිටුවීමට පත්වීමෙන් පසු අදාළ ආයතන දෙක සඳහන් කර තිබිණි. කෙසේ නමුත් අදාළ ට්විටර් ගිණුම්වලට පනවා තිබූ සීමා පසුව ඉවත් කර තිබිණි.
සිය ට්විටර් ගිණුම නැවත ස්ථාපිත කිරීමෙන් අනතුරුව සිදු වු අපහසුතාව ය සම්බන්ධයෙන් ඒ.එන්.අයි. පුවත් කාර්යාංශය කනගාටුව පළ කර තිබිණි.
වයස් සීමාවේ අවශ්‍යතාව සපුරා නැති බැවින් ගිණුම ඉවත් කරන බවට පණිවුඩයක් ට්විටර් සමාගමෙන් ලැබී තිබූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ.එන්.අයි. පුවත් කාර්යාංශයේ කර්තෘ ස්මිතා ප්‍රකාශ් පැවැසීය.
එන්.ඩී.ටීවී විකාශන ආයතනය ඔවුන්ට අයත් වෙනත් ට්විටර් ගිණුමකින් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර එහි ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක්ගේ නම ද සඳහන් කර තිබිණි (tag/ටැග්).
එන්.ඩී.ටීවී යනු ඉන්දියාවේ වැඩිම ට්විටර් අනුගාමිකයන් පිරිසක් සිටින ඉංග්‍රීසි බසින් ට්විටර් පණිවුඩ පළ කරන ට්විටර් ගිණුම වේ. අත්හිටුවීමට පෙර ඒ.එන්.අයි. ට්විටර් ගිණුමේ අනුගාමිකයන් මිලියන 7.6ක් සිටියහ. මෙම අත්හිටුවීම් සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් පැහැදිලි කිරීමක් සිදු නොවිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නැෂනල් පබ්ලික් රේඩියෝ (එන්.පී.ආර්.) සහ කැනඩාවේ විකාශන සංස්ථාව (බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් - සී.පී.සී) ආයතන සිය ට්විටර් ගිණුම්වල ට්විටර් පණිවුඩ නිකුත් කිරීම නැවැත්වීමට මේ මස මුලදී පියවර ගත්තේ ය. ට්විටර් සමාගම අදාළ ගිණුම් “රජයේ අරමුදලින්” ක්‍රියාත්මක වන ඒවා යැයි ලේබලයක් ඇලවීමත් සමඟ එලෙස ට්විටර් පණිවුඩ නිකුත් කිරීම නැවැත්වීමට අදාළ ආයතන දෙක පියවර ගත්තේ ය. කෙසේ නමුත් අදාළ ලේබල පසුව ඉවත් කෙරුණි.
එන්.ඩී.ටීවී ආයතනය ප්‍රකට ව්‍යාපාරික අදානිට අයත් ලැයිස්තුගත සමාගම් වන අතර ඒ.එන්.අයි. පෞද්ගලික සමාගමකි. මේ දෙකටම රජයෙන් මුදල් ලැබෙන බවට පැහැදිලි සාක්ෂියක් නොමැති ඒවාට රජයෙන් මුදල් ලැබෙන බවක් කොතැනකවත් සඳහන්ව නොමැත.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාධ්‍ය ආයතන දෙකක ට්විටර් ගිණුම් අත්හිටුවයි