ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෛරය පැතිරවීමේ අරමුණින් මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන බවට ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දා චෝදනා කළේ ය.
“ලාභ සහ බලය වෙනුවෙන් බොරු කියනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට මාධ්‍යවලට බරපතළ විවේචනයක් එල්ල කළේ ය. සිය කතාවේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා කිහිප අවස්ථාවකදීම ෆොක්ස් නිව්ස් සම්බන්ධයෙන් ඍජුවත් වක්‍රාකාරවත් අදහස් දැක්වීය.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කතාබහක් ඇති වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ය.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංසදයේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.
“බොරුවලින් සත්‍ය වළ දාලා” යැයි ද හෙතෙම මෙහිදි කීය. ජෝ බයිඩන් ජනාධිපති ධුරයට තේරී පත්වූ ජනාධිපතිවරණයේ දී මැතිවරණ වංචාවක් සිදු වූයේ බරපතළ චෝදනාවක් එල්ල විය. එම චෝදනාව මූලිකව එල්ල වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවයෙනි. ඊට ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට හිතවත් මාධ්‍යවලින් දැඩි ප්‍රචාරයක් ලැබිණි.
කෙසේ නමුත් එය අසත්‍ය බව පැහැදිලිව අනාවරණය විය. එය මෑතකදී මැතිවරණයක් මුල් කරගනිමින් දක්නට ලැබුණු බරපතළ හා ප්‍රබල වැරැදි කුමන්ත්‍රණ න්‍යායක් (conspiracy theory) බවට පිළිගැනේ.
“ලාභ සහ බලය වෙනුවෙන් බොරු කියනවා. කුමන්ත්‍රණ න්‍යාය, බොරු , කුඩුකේඩුකම් වගේම දුෂ්ට අදහස් දිගින් දිගටම ව්‍යාප්ත වෙනවා. ඒවා නිසා කේන්තිය හා වෛරයේ චක්‍ර නිර්මාණය වෙනවා. මේ නිසා ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්” යැයි ජෝ බයිඩන් කීය.
මේ නිසා නීතියේ ආධිපත්‍යයට, අපේ අයිතිවාසිකම්වලට මෙන්ම නිදහසට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා යැයි ද ඔහු කීය.
ෆොක්ස් නිව්ස් මාධ්‍ය ආයතනය ජෝ බයිඩන් ඉලක්ක කරගනිමින් පළ කළ අසත්‍ය වාර්තා හේතුවෙන් මේ මස මුලදී ඩොමිනියන් වෝටින් සිස්ටම්ස් ආයතනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 787.5ක වන්දියක් ගෙවීමට සිදුවිය.
මැතිවරණ සඳහා භාවිත කරන යන්ත්‍ර සම්බන්ධයෙන් ෆොක්ස් නිව්ස් පුවත් ආයතනය පළ කළ අසත්‍ය ප්‍රවෘත්ති නිසා ෆොක්ස් නිව්ස් ආයතනයට එලෙස අදාළ සමාගමට වන්දි ගෙවීමට සිදුවීය. වන්දි ගෙවීම මඟින් අදාළ නඩුව සමථයකට පත් කරගැනිණි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාධ්‍ය අසත්‍ය පුවත් පළ කරනවා