
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේදීය. දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේය. දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වූයේ නවදිල්ලි වේලාවෙන් සවස 7.15 ටය.
මෝදි දිවුරුම් දීමෙන් පසු ඔහුගේ නව සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනාගේ දිවුරුම් දීම සිදුවිය. එම හැත්තෑ දෙදෙනාගෙන් 30 දෙනකු කැබිනට් ඇමැතිවරුන්ය.

ඉතා ගාම්භීර අයුරින් පැවැත් වුණු මෙම දිවුරුම් දීමේ උත්සවයට අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය නළු නිළියන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තෝ පිරිසක් සහභාගී වූහ.
දිවුරුම්දීමේ උළෙලට සහභාගී වූ ඉන්දීය නළු නිළියන් අතරේ රජිනි කාන්ත්, ෂාරුක් ඛාන්, අනිල් කපූර් දැකගත හැකි විය.
උත්සවයට සහභාගී වූ අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ද වූහ
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝදි දිවුරුම් දෙයි
kotiya Monday, 10 June 2024 03:22 AM
දෙපාරක් ඉල්ලලාත් පෙරේතකම ගිහින් නෑ... දැන් හොඳටම නාකියි නේද?... තව හොරකම් කරන්නයි එන්න හදන්නේ.... ලංකාවේ අපි නම් මේ වගේ ඒවා බලලා තමයි ඡන්දේ දුන්නේ...