
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ කළ සංචාරයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි අගනුවරට පැමිණි පසුවය.
ආරක්ෂක, වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
මහා බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතරේ උපාය මාර්ගික සබඳතා කෙරෙහි ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. නවදිල්ලියේ අග්‍රාමාත්‍ය නිල නිවස හෙවත් රාෂ්ට්‍රපතිභවන්හීදී අග්‍රාමාත්‍ය ජොන්සන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.
රාජ තාන්ත්‍රික සහ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමත්, ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක සහයෝගීතාවය ඊළඟ අදියර වෙත රැගෙන යෑමත් ජොන්සන් සහ මෝදි අතරේ සාකච්ඡාවට බදුන් විය. සාකච්ඡාවලින් පසු අග්‍රාමාත්‍යවරු දෙදෙනා මාධ්‍ය හමුවේ ද අදහස් දැක්වූහ.
අග්‍රාමාත්‍ය ජොන්සන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග ද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතරේ වෙළෙඳ කටයුතු 2030 වසර වෙද්දී දෙගුණ කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, දෙදින ඉන්දීය සංචාරය ආරම්භ කරමින් පළමුවෙන් පැමිණියේ ගුජරාටයටය. මෝදිගේ උපන් ප්‍රාන්තය වන්නේ ද ගුජරාටයයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ගුජරාට ප්‍රාන්ත රජය කටයුතු කළේය.
අග්‍රාමාත්‍ය ජොන්සන් ගුජරාටයේ අහ්මදාබාද් නගරයේ ගමන් කළ වීදි දෙපස නර්තන අංග පවා පැවැත්විණි. තමන්ට කිසිම අවස්ථාවක මෙවැනි පිළිගැනීමක් ලැබී නැති බවත්, තමන් උණුසුම් ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදිට තුති පුද කිරීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් අමතක නොකළේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් ඉන්දියාවේ සංචාරයකට ආ පළමු අවස්ථාව මෙයයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදි-ජොන්සන් හමුවක්