
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකා සංචාරයක් ආරම්භ කළේය. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගැනීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) ආරාධනාවකට අනුව, මෝදි කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කිරීමට ද නියමිතය. කොංග්‍රසය ආමන්ත්‍රණය කරන්නැයි මෝදිට ඇරැයුම් කර ඇත්තේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන්ය.
ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි ඇමෙරිකන් කොංග්‍රසය අමතන දෙවැනි අවස්ථාව මෙයයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයකුට ඇමෙරිකන් කොංග්‍රසය දෙවරක් ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලැබී නැත.
ධවල මන්දිරයට පැමිණෙන මෝදි පිළිගනිමින්, මෝදි වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බයිඩන් සූදානමින් සිටිති.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණෙන ලෙසත්, භෝජන සංග්‍රහහකට සහභාගී වන ලෙසත් ඇරැයුම් කළේ ජනාධිපති ජෝ බයිඩන්ය. බයිඩන් මීට පෙර, මෙසේ ඇරැයුම් කර ඇත්තේ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යැයි ද පැවැසෙයි.
ඇමෙරිකන් සංචාරයේ දී ව්‍යාපාරික ප්‍රධානීන් සහ ඉන්දීය ව්‍යාපාරිකයන් හමුවවීමටත්, ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානුවන් හමුවීමටත් මෝදි බලාපොරොත්තුවෙන් සිටින බව ද පැවැසෙයි.
‘ජාත්‍යන්තර යෝග දිනය’ නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලේ විශේෂ උත්සවයක් ද පැවැත්වෙයි. ඒ, මෝදිගේ ප්‍රධානත්වයෙනි. ජාත්‍යන්තර යෝග දිනය යනුවෙන් දිනයක් වෙන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත්තේ ද අග්‍රාමාත්‍ය මෝදිගේ යෝජනාවකට අනුවය.
මීට අමතරව වෙළෙඳ ගනුදෙනු කීපයකට ද අග්‍රාමාත්‍ය මෝදි අත්සන් කිරීමට නියමිතය. ගුවන් යානා ක්ෂේත්‍රයට අදාල ගනුදෙනු ඒ අතරින් කැපී පෙනෙන බව වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදි ඇමෙරිකා යයි