IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මුදල් ගන්න පාකිස්තාන හමුදාපති මැදිහත් වෙයි

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත මුදල් කඩිනමින්  නිදහස් කර ගැනීම සඳහා පකිස්තාන හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් සහ හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වුණ බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතත් එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු මොනවාදැයි අනාවරණය කර නැත.

පසුගිය ජූලි මස මුලදී පකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹුනත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.17 වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිනමුත් අගෝස්තු මස අවසන් සතිය තෙක්  අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් නොමැති බව පැවැසෙයි.

පකිස්තානු හමුදාපති බජ්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන මුදල් ඉක්මණින් නිදහස් කර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලීම පකිස්තානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් විවේචනය කළේය.

ආර්ථික කටයුතුවලට මැදිහත් වීම හමුදාපතිගේ කාර්යයක් නොවන බව ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.පකිස්තානය කෙතරම් දුර්වල වී ඇත්දැයි එම මැදිහත් වීමෙන් පෙනී යන බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.

විදෙස් රජයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පකිස්තානු රජය විශ්වාස නොකරන බව ඉන් පෙනී යන බව ඉම්රාන් ඛාන් පැවසුවේය.   

(රොයිටර්)



අදහස් (0)

මුදල් ගන්න පාකිස්තාන හමුදාපති මැදිහත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site