IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුද්‍රණයේ තවත් පෙරළියක්

කොළ වෙනුවට ලී පුවරුත් තීන්ත වෙනුවට ගින්දරත් භාවිතා කර මුද්‍රණ කටයුතු කර ගත හැකි මුද්‍රණ යන්ත්‍රයක් ස්විට්සර්ලන්ත ජාතික ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු විසින් නිපදවා ඇත.

මේ මුද්‍රණ යන්ත්‍රය පරිගණකයට සම්බන්ධ කළ හැකි අනෙක් මුද්‍රණ යන්ත්‍ර හා සමානය.වෙනසකට ඇත්තේ සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයකින් කඩදාසියක් මතට විදින තීන්ත වෙනුවට මෙහි විදින්නේ ගින්දර වීමයි.

මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ හිස වන්නේ ගිනි විදිනයකි.එයින් ප්‍රොපේන් හා බියුටේන් වායූන් මිශ්‍ර කිරීමෙන් සාදාගත් වායුවක් දවා නිපදවෙන ගිනි සිලූ විදිනු ලබයි.මේ ගිනි සිලූ සෙල්සියස් අංශක 1200 ක පමණ උෂ්ණත්වයෙන් යුතුය.මුද්‍රණ සදහා යොදාගන්නා ලී පුවරු පිළිස්සීමට ප්‍රමාණවත් වුවද ඒවා දවා අලූ කිරීමේ හැකියාවක් මේ ගිනි සිලූ වලට නොමැති බව සදහන්ය.

මුද්‍රණ යන්ත්‍රයෙන් ගිනි සිලූ විදීම පාලනය වනුයේ පරිගණකයක් ඔස්සේය.මුද්‍රණය කළ යුතු රූපය පරිගණකය වෙත ලබා දුන් පසු පරිගණකයේ වන විශේෂ මෘදුකාංගයක් මගින් මුද්‍රණ යන්ත්‍රයේ ගිනි විදිනය ක්‍රියාත්මක  කරනු ලබයි.එමගින් මුද්‍රණ කටයුතු සිදුකෙරෙනා ලී පුවරුව පිළිස්සීමෙන් අදාළ රූපය මතුකර ගැනේ.

 



අදහස් (0)

මුද්‍රණයේ තවත් පෙරළියක්

ගාමිණී Wednesday, 10 April 2013 06:37 PM

අනේ ස්විස් පුතා! ඔය මුද්‍රන යන්තරේ නිකමටවත් ලංකාවට නම් දෙන්න එපා! අපේ- අප්පච්චිලා ඉතුරු තෑලි ටිකත් කපයි ඡන්දෙ කාලෙට පෝස්ටර් අච්චු ගහන්න!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site