IMG-LOGO

මදුරෝගේ ගුවන් යානය උස්සලා

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ විසින් මිලදී ගනු ලැබූ බව කියන ගුවන් යානයක්, තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් පියවර ගෙන ඇත.

‘ෆෝල්කන් 900 ඊ එක්ස්’ වර්ගයේ මෙම ගුවන් යානය, ඇමෙරිකන් බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇත්තේ ඩොමිනිකන් ජනරජයේදීය.

ගුවන් යානයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 13 ක් යැයි පැවැසෙයි. ගුවන් යානය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට රැගෙන ගොස් ඇත.

ඇමෙරිකාව, ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවටත්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට විවිධාකාරයේ චෝදනා යටතේ සම්බාධක පනවා ඇත. 

ගුවන් යානය තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් කටයුතු කළේ එම සම්මාධක උල්ලංගනය කළේ යැයි චෝදනා නගමිනි.

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පසුගිය ජූලි මාසයේදී පැවැත්වුණු අතර එයින් ද විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මදුරෝ සමත් විය.

එම ජනාධිපතිවරණය ද දූෂිත යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ඇමෙරිකාව පවසන්නේ දැඩි මර්දනයට ලක්වුණු වෙනිසියුලා විපක්ෂය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවය.



අදහස් (2)

මදුරෝගේ ගුවන් යානය උස්සලා

ජයනාත් Tuesday, 03 September 2024 06:30 AM

ඇමරිකන් ගැත්තන් මේවට මොකද කියන්නේ . එයාල හිතාගෙන ඉන්නෙ ලෝකයේ සියලු දෙනා ජීවත් වෙන්න ඕන එයාලට ඕන විදියට කියලා . මේ ක්‍රමය නැති කරන්න බල තුලනයක් සඳහා සෝවියට් කඳවුර ශක්තිමත් විය යුතුය .

:       2       4

Asith Tuesday, 03 September 2024 08:34 AM

වෙනිසියුලාව තමයි ලෝකෙ වැඩිම තෙල් සංචිත තියෙන රට. සෞදි අරාබියටත් වඩා තෙල් තියෙනවා. ඒක නිසා වෙනිසියුලාවටත් ලඟදීම "ප්‍රජාතන්ත්‍රවාදය" ලැබීමට නියමිතයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site