IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැතිවරණ වේදිකාවේදී සූ කී හදිසියේ අසනීප වෙයි

මියන්මාර අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (3) මැතිවරණ වේදිකාවක කතා කරමින් සිටියදී හිටිහැටියේ අසනීප වූවාය. එම අවස්ථාවේදී ඇය මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ නුවර ලක්ෂයකට වැඩි පිරිසක් අමතමින් සිටියාය. තමාට ක්ලාන්ත ගතියක් දැනෙන බව පවසමින් කතාව හදිසියේ නැවැත්වූ 66 හැවිරිදි සූ කී වේදිකාවෙන් බැස ගිය  අතර ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර කඩිනමින් ලැබුණි. ”සූ කී රැස්ව සිටි පිරිස අමතන්න පටන් ගත්තේ සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් සිටිද්දීයි. දිගු වේලාවක් එකදිගට අව්වේ සිටි නිසා ඇයට ක්ලාන්ත ගතියක් ආ බව කීවා. දැන් ඇයගේ තත්ත්වය හොඳයි” යැයි පැය කීපයකට පසු සූ කීගේ වෛද්‍යවරිය ටින් මායෝ මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියාය. මියන්මාර අතුරු මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අපේ‍්‍රල් පළමුවැනිදාය. ඒ වෙනුවෙන් සූ කී සහ ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ දිනවල මියන්මාරය පුරා යමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලෙයි. සූ කී මැන්ඩලේ නුවරට පැමිණි අවස්ථාව



අදහස් (0)

මැතිවරණ වේදිකාවේදී සූ කී හදිසියේ අසනීප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 26 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site