IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැටි දියකර බොන්නලු

සිහින් හැඩැති සිරුරක් ලබා ගැනීමට බටහිර කාන්තාවෝ මැටි දියකර බොති.

සාමාන්‍ය කාන්තාවන් පමණක් නොව ඇතැම් රූපවාහිනී හා සිනමා තරු පවා මෙය අනුගමනය කරති.

මෙම කාන්තාවන්ට ගැටලූව වී ඇත්තේ බර අඩු කර ගැනීමට ආහාර පාලනයක් සිදුකිරීමට සිත මෙහෙයවා ගත නොහැකි වීමය.මෙනිසා බර අඩු කර ගැනීමට ලෙහෙසිම මාර්ගය ලෙස මැටි ජලයේ දියකර බීම ඔවුහු දකිති.

මොවුනට අවැසිව ඇත්තේ තමන් ආහාර ගත්තේයැයි බඩ ‘රැවටීමටය‘. මන්ද සිරුරේ  තරබාරු භාවයට හේතු වන්නේ ගනු ලබන ආහාර වල සංඝඨකයන් නිසාය.

මෙනිසා කිසිදු පෝෂණ ගුණයක් නැති මෙම ‘මැටි බීම‘ ඔවුන්ගේ වුවමනාවට හොදින්ම  ගැලපෙන්නකි.මෙම මැටි වර්ගයේ තවත් ගුණාංගයක් වන්නේ ජලය හා ගැටුණු විට විස්තාරණය වීම වන අතර මෙනිසා උදරයේදී එය විස්තාරණය වීම නිසා ‘බඩ පිරී‘ ඇතැයිද දැනෙන හෙයින් හොඳීන් ආහාර ගත්තේයැයි සිතද පිරී යන බව මෙම කාන්තාවෝ කියති.

මෙසේ භාවිතයට ගනු ලබන මැටි වර්ගය ඇමරිකාවෙන් හා චීනයෙන් ලබා ගන්නකි.එයට ඉහළ අවශෝෂක හැකියාවක්ද තිඛෙන බව සදහන්ය.

විස්තාරණය වෙනවා පමණක් නොව ආහාර මාර්ගයේ ඇති සියලූදේ අවශෝෂණයද කරන නිසා  සිරුරට උරා ගැනීමට කිසිත් ඉතිරි නොවේ.මෙනිසා අවසානයේ සිදුවන්නේ  සිරුර සිහින් වීමය.මෙම ක්‍රමය භාවිතා කරනා කාන්තාවන්ගේ අරමුණද එයය.

ආහාර පාලන,ව්‍යායාම,භාවනා ආදී සිරුරට හා සිතට වෙහෙසකර කි්‍රයාවල යෙදෙනවාට වඩා මෙසේ zzමැටි පානයකින්zz සිරුරේ තරබාරු භාවය පාලනය කර ගැනීමට හැකිවීම භාග්‍යයක් ලෙස ඔවුහු දකිති.

වාර්තා වන ආකාරයට සතියක් ගතවීමට මත්තෙන් රාත්තල් ගණනකින් සිරුරේ බර අඩු කර ගැනීමට මෙම ක්‍රමයෙන් හැකිය.

කාන්තාවන් අතර සීඝ්‍රයෙන් ජනපි්‍රය වීම නිසා දැන් මෙම මැටි පානයන් මහා පරිමාණ ව්‍යාපාර තරමට වර්ධනය වී තිබේ.

බර අඩු කර ගැනීමට මැටි පානයට සූදානම් වුවද එහි ඇති සෞඛ්‍යය අවධානම ගැන ඔවුන් කිසිවෙකුත් අවධානය යොමු කර නොමැත.

වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙසේ භාවිතයට ගැනෙන මැටි වර්ගයේ පිරිසිදු තාවය ගැන ගැටලූ රැසක් ඇති බවයි.

එහි ඇති ආසනික් වැනි ලෝහයන් වකුගඩු රෝග,ස්නායු ආබාධ,සම පෙනහලූ හා ආහාර මාර්ගයේ පිළිකා තත්ත්වයන් ඇතිවීමට හේතු වනු ඇතැයි ඔවුහු අනතුරු අගවති.

තවද මැටි වල ඇති ඊයම් මොළය හා අක්මාවට දැඩි හානි පමුණුවනු ඇතැයිද ඔවුහු පවසති.

මැටි ස්වභාවික රෙසීනයක් සේ කි්‍රයාකරමින් සියලූ දේ ඊට අවශෝෂණය කරගන්නා හෙයින් අවසානයේ සිරුරට ලබාගැනීමට කිසිදු පෝෂණයක් ඉතිරි වන්නේ නැතැයි ඔවුහු පවසති.

මැටි විස ද්‍රව්‍ය අවශෝෂණය කරගන්නා යැයි පවතින මතය දැඩි සේ බැහැර කරන ඔවුහු වෛද්‍ය විද්‍යාවට අනුව කොතැනකවත් මැටි පානය කිරීම බර අඩු කර ගැනීමට හොදම මාර්ගය වේයැයි කිසිදු සදහනක් නැති බව කියති.

වෛද්‍යවරුන් කියනා දෙය පිළිගැනීමට මෙම කාන්තාවන්ගේ නම් කිසිදු සූදානමක් නැති සෙයකි.ඉක්මනින් බර අඩු කරගැනීමට යොදා ගත හැකි මෙම ක්‍රමය ඔවුන් වසගයට ගෙන ඇති බවත් පෙනේ.

අවසානයට අවවාදයක් දෙන විශේෂඥයෝ පවසන්නේ සිරුරේ පැවැත්ම පාලනය කිරීමට සිරුරේම ඇති අවයව වලට හැකියාව ඇති බවයි.ඒවාට කිසිවකගේවත් සහයක් අවැසි නොවන බව ඔවුහු පෙන්වා දෙති.

සරලව පෙන්වා දුන්හොත් මෙහිදී සිදුවන්නේ සිරුරට ලබා ගන්නා කැලරි ප්‍රමාණයේ අඩුකිරීමක් බව කියනා ඔවුහු එය දීර්ඝ කාලීනව කළ නොහැක්කක් බව පවසති.කෙදිනක හෝ මෙම කි්‍රයාවලියේ නියැලී සිරුර අන්තයටම දුර්වලවූ විට නැවත සැබෑ ආහාර වල පිහිට පතන්නට නොඅනුමානුවම සිදුවනු ඇතැයි ඔවුහු කියති.



අදහස් (0)

මැටි දියකර බොන්නලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site