IMG-LOGO

මඟුල්දාත් වාර්තා ලියන්න යයි

මංගල ඇදුම පිටින්ම රැකියාවකට ගිය රූපවාහනි වාර්තාකාරිනියක ගැන චීනයෙන් වාර්තා වේ.

චෙන් යිංග් රූපවාහිනී වාර්තාකාරිනියකි.ඇය කලක් තිස්සේ ඇගිලි ගැන ගැන සිටි දිනය උදාවී තිබුණි.මංගල ඇදුමින් සැරසී සිය අනාගත සැමියා සමග ඇය සිටියේ ඉතා සතුටිනි.මංගල දිනයේ සතුට වැඩිකල් රැඳුණක් නොවිණි.භූමිකම්පාවකින් පළාත හෙල්ලී යන්නේය.වාසනාවකට මෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොතිබුනි.වහා ක්‍රියාත්මක වන ඇය මංගල කටයුතු රූපගත කරමින් සිටි කැමරාශිල්පියාද ඇදගෙන පාරට පැමිණ සිදුවීම වාරතා කිරීමට පටන් ගන්නීය.ඇය තවමත් මංගල ඇදුම පිටිනි.පසුව පටිගත කෙරුණු වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කිරීමටද ඇය කටයුතු කළාය.

ඇයගේ මේ ක්‍රියාව වීඩියෝව දුටු බොහෝ දෙනාගේ පැසැසුමට ලක් විය.ඒ අතර ඇතැමුන් ප්‍රශ්න කරන්නේ ඇය වඩාත් ආදරය කරන්නේ සැමියාටද නැතිනම් රැකියාවටද කියාය.

පසුගියදා චීනයේ සිදුවූ රිච්ටර් මාපක අගය 6.6 ක් වූ භූමිකම්පාව චීනයේ බොහෝ ප්‍රදේශවලට අඩු වැඩි වශයෙන් දැනී තිබුණි. චෙන් සිංග් සිටි ප්‍රදේශයටද දැනී තිබුණේ එවැන්නකි.භූමිකම්පාව දරුණු ලෙසම දැනුනු චීනයේ ලූෂාන් ප්‍රදේශයේ ජනජීවිතය දැන් පවතිනුයේ මුලූමනින්ම පාහේ අඩපණවය.භූමිකම්පාව නිසා පුද්ගලයින් 150 ක් පමණ මියගොස් 5500 ක් පමණ දෙනා අවතැන්ව ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

මඟුල්දාත් වාර්තා ලියන්න යයි

අමිල Sunday, 21 April 2013 08:51 PM

හැම කාරියටම වඩා උතුම් රාජකාරිය.(නදී)

:       0       0

උදය Sunday, 21 April 2013 10:00 PM

පස්සේ කාලෙක බලන්න පුළුවන් ස්වාමියා ගෙදර ප්‍රශ්න දාන හැටි.(නදී)

:       0       0

දයා Sunday, 21 April 2013 02:17 PM

රටට ජාතියට සැබෑම ආදරය ඇති මිනිස්සු මෙහෙම තමයි (නි)

:       0       0

ජෝයි Sunday, 21 April 2013 02:55 PM

මේ රටේ මිනිස්සු සෑහෙන්න වෙලාවක් නොබලා වැඩකරනවා. අපේ අයට ඉගනගන්නවා නම් ඔන්න.එහෙමයි රට ගොඩ දන්නේ. මේවා මේ උතුම් රටේ කවදා වෙයිද? හැබැයි කතාවට අපි උතුම්... (නි)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 03:00 PM

එයාගේ මංගල දිනය,මංගල ඇදුමටත් වඩා රට විපතකට පත් වූ අවස්ථාවක තම රාජකාරිය උතුම් කොට සැළකීම මුළු මහත් ආසියාවටම ආදර්ශයක්, සතුටට කරුණක්. (නි)

:       0       0

ඉෂාර Monday, 22 April 2013 09:00 AM

ඇයි එයා විතරද වාර්තා කරන්න ඉන්නෙ මුලු චීනෙටම. (ස)

:       0       0

මේනකා සෞදි අරාබිය Sunday, 21 April 2013 06:11 PM

මුළු ලෝකෙටම ආදර්ශයක් (නි)

:       0       0

හේරත් Sunday, 21 April 2013 06:18 PM

ජම්මෙද? පුරුද්ද ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 382 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site