
සිවිල් යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ජීවත් වන ඥාතීන් බොහෝ දෙනකු කුසගින්නේ පසුවන බවත්, ඔවුන්ට පිහිට වීමට නොහැකිව තමන් අසරණ වී සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් පවසයි.
අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, ටයිග්රේ පළාතේය. ටයිග්රේ බෙදුම්වාදී සටන්කාමීන් සටන් වදින්නේ ඉතියෝපියානු රජයේ හමුදා සමඟය. ගැටුම් හේතුවෙන් ටයිග්රේ සිවිල් වැසියන් සිටින්නේ කුසගින්නේය. ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ඉතියෝපියානු ජාතිකයෙකි.
‘මාගේ ඥාතීන් බොහෝ දෙනකු ඉතියෝපියාවේ ජීවත් වෙනවා. මා දන්නවා ඔවුන් සිටින්නේ කුසගින්නේ. ඔවුන්ට පිහිට වෙන්න; මුදල් යවන්න මට හැකියාවක් නැහැ. ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද දැනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ’ යැයි ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවක් අතරතුරේ පැවැසුවේ හැඟීම්බරවය.
ටයිග්රේ බෙදුම්වාදී අරගලය ආරම්භ වූයේ 2000 වසරේදීය. එදා සිට මේ දක්වා ටයිග්රේ පළාත බාහිර ලෝකයෙන් වෙන් වී පවතී. නගරයට විදුලිය නොමැති අතර දුරකතන පහසුකම් පවා බිඳ වැටී ඇත. අන්තර්ජාල සහ බැංකු සේවා පවා ක්‍රියාත්මක වන්නේ නැත.
ඊයේ සිකුරාදා (26) ටයිග්රේ පළාතේ අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල වුණු රොකට් ප්‍රහාරයකින් ටයිග්රේ වැසියෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන්ගෙන් දෙදෙනකු කුඩා දරුවන්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මගේ පවුලේ අයට පිිහිට වෙන්න හැකියාවක් නෑ