අභාවප‍්‍රාප්ත බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිනී මාග‍්‍රට් තැචර්ගේ අවසන් කටයුතු ලබන සතියේ පූර්ණ රාජ්‍ය සහ හමුදා ගෞරව මැද පැවැත්වෙනු ඇතැයි බි‍්‍රතාන්‍ය රජය ඊයේ (9) නිවේදනය කළේය.
දේශපාලන වශයෙන් හා නායකත්වය අතින් ඇය තුළ පැවති තිරසාර ගුණාංග නිසා යකඩ ගැහැනියක බවට පත් වූ තැචර් ආදිපාදවරිය බි‍්‍රතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂයට නායකත්වය දෙමින් කි‍්‍රයාත්මක කළ දේශපාලන හා ආර්ථික ප‍්‍රතිපත්ති බොහෝදෙනාගේ පැසසුමට ලක්විය. ඇගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය සහ ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවත් අවමංගල දේව මෙහෙය ශාන්ත පෝල් දෙව් මැඳුරේ පැවැත්වෙනු ඇති බවත් බි‍්‍රතාන්‍ය රජය වැඩිදුරටත් කියා සිටී.
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රථම සහ එකම අගමැතිවරිය වන ඇය කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් පිට පිට තෙවරක් බි‍්‍රතාන්‍ය අගමැති ධුරය හෙබ වූවාය. දීර්ඝ කාලයක් පුරා උග‍්‍ර රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඇය, මොළයේ ලේ කැටියක් සිරවීමෙන් පෙරේදා (8) මෙලොවින් සමුගත්තාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 87 කි.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාග‍්‍රට් තැචර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද ලබන සතියේ
ගාමිණී Wednesday, 10 April 2013 11:21 PM
ඔබ තුමිය සමාදානයේ සැතපේවා ! සදා අමරණීයයි. (ස)