සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පාර්ලිමේන්තුව විවෘත කරමින් මීට මාසයකට කලින් කළ කතාවක් නැවත කියවීම පිළිබඳ පුවතක් එජන්සි වාර්තා සඳහන් කර ඇත. විනාඩි 25 ක් දිග කතාව ඔහු කළේ කොලයක් බලාගෙනය. ජනාධිපති කාර්යාංශ නිලධාරීන් එම අවස්ථාවේදී ඔහුට ලබා දී ඇත්තේ කලින් කළ කතාවේම පිටපතකි.
මෙම වැරැද්ද පිළිබඳව නිලධාරීන්ට වැටහී ගියද ඔවුන් ජනාධිපති වරයාගේ කතාව අතරමඟ නවතා දැමීමට බියවී ඇත. ඔවුන් ඒ සම්බන්ධ කනගාටුව පල කර ඇතත් වැරැද්ද සිදුකල නිලධාරියා පිළිබඳව සොයාබලන බවටද ප්‍රකාශයක් නිකුත් කර ඇත.
91 හැවිරිදී මුගාබේට කතාව කළ අවස්ථාවේදී එය ඊට කලින් කියවූ එකක් බව වැටහීගොස් නැත.
විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු කියා ඇත්තේ ජනාධිපති තනතුරේ වගකීම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට තරම් අවශ්‍ය මානසික තත්වයක් රොබට් මුගාබේට නැති බව මෙම සිද්ධියෙන් ඔප්පුවන බවයි. ජනාධිපති වරයා වහාම ඉල්ලා ස්වී එම තනතුර සුදුසු අයෙකුට ලබාදිය යුතුබව විරුද්ධ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශය ඕවර්ට් ගුටු කියා ඇත.
වසර 28 ක කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටින රොබර්ට් මුගාබේ අප්‍රිකාවේ වැඩිහිටීම රාජ්‍ය නායකයාවෙයි.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුගාබේට කොලේ මාරුවෙයි
සිල්වා Wednesday, 16 September 2015 09:58 AM
එයාලට ලැජ්ජාවක් නැහැ ඕවා ගැන (නි)
මහේෂ් බෙන්තර Saturday, 19 September 2015 08:08 AM
ලංකාවේ නම් ඒ දවස්වල හැමදාම කළේ අර මාතෘ භූමිය හා විදුලි පුටුව කතාවමනේ. සිම්බාබ්වේ දෙවතාවයි (ම)
මොහාන් Thursday, 17 September 2015 01:31 AM
එච්චරටම තේරුනේ නැද්ද පරණ කතාවක් කියලා? (නි)
පිටබැද්දර ජයා Thursday, 17 September 2015 10:54 PM
මුගාබේට කොලේ මාරුවෙලා. හැබැයි එයා තාම ජනපති. අපේ කට්ටිය කොලේ ඉරාගෙනම හැමදේම අවසන් (නි)
සාමා Thursday, 17 September 2015 02:05 AM
අපේ රටේ සමහරුත් මේ වගේ නිලධාරින් ළංකරගෙන හිටියේ. එයාලට යන එන මං නැතිවෙන්න හේතුවත් ඔය වගේ අය වටේ හිටි එක. දේශපාලකයනට කාලයක් බලයේ හිටියහම හැදෙන ලෙඩක් ඕක. (නි)
සුකිරි Wednesday, 16 September 2015 07:53 AM
අපේ රටේ ඔද්දල් වෙච්ච ඇමරිකන් විරෝධියෝ හුරේ දානේ මෙහෙම හැරමිටි එ්කාධිපතියන්ට.පවුල් වාදීන්ට. (බ)
ලාල් Wednesday, 16 September 2015 01:23 PM
ලංකාවෙත් ඔවැනි සිදුවීමක් වෙන්න හොදටම ඉඩකඩ තිබුණා. (අ)