හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල් ‘නැහැදිච්ච අවිනීත ගැනියක’ යැයි හඳුන්වා දීමට හැරී කුමරුන්ගේ පියා චාල්ස් කුමරුන්ගේ බිරිඳ කැමිලා පාකර් ‘කොන්වෝල්’ ආදිපාදවරිය කටයුතු කර ඇතැයි බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් චරිතාපදාන රචනා කරන ලේඛක ටොම් බෝවර් පවසයි.
ටොම් බෝවර් මෙසේ පවසා ඇත්තේ ඔහු විසින් එළිදක්වනු ලැබූ නවතම කෘතියෙනි. දෙවැනි එලිසබත් මහ රැජිනගෙන් පසු බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමිවන්නේ චාල්ස් කුමරුන්ටය. ඒ අනුව, කැමිලා පාකර් ආදිපාදවරිය ‘රුජින’ යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙනු ඇත.
‘නැහැදිච්ච අවිනීත ගැනියක’ යනුවෙන් මෙගාන් මාකෙල් හැඳින්වීම සම්බන්ධයෙන් මෙගාන් සහ කැමිලා අතර සිත් අමනාපකම් හටගත් බවත්, කැමිලා පාකර් ආදිපාදවරිය සැමවිටම මේගාන් ගැන සැකයෙන් බැලූ තැනැත්තියක බවත් ටොම් බෝවර්ගේ නවතම කෘතියේ දැක්වෙයි.
හැරී කුමරු මෙගාන් මාකෙල් විවාහ කරගත් අවස්ථාවේ කැමිලියා මෙගාන් සම්බ්නධයෙන් සිය සැබෑ මතය සඟවා ගෙන නිහඬව සිටින්න ඇති බව ද ටොම් බෝවර් පැහැදිලි කර තිබේ.
විමුක්ති එස්. රොද්‍රිගෝ
‘ද සන්’ ඇසුරිනි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මෙගාන් ගැන නරක කතාවක් කියලා
vikum Monday, 14 February 2022 02:13 PM
ගැහැණු ගැහැණුමයි රජ වුණත්...!