IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන "අයිකන් ඔෆ් ද සීස්" ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කර ඇත.

රෝයල් කැරබියන් ඉන්ටර්නැෂනල් සමාගමට අයත්  "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව දිගින් මීටර් 365 ක් වන අතර බර ටොන් 250,800 බව පුරෝකථනය කර තිබේ. මෙම නෞකාවේ මගීන් 5610 දෙනකුට ගමන් කිරීමට පහසුකම් තිබෙන අතර කාර්ය මණ්ඩලය 2350 වන බව පැවැසෙයි.

විශේෂඥයන් 450කට අධික පිරිසක් දින හතරක කාලයක් නෞකාවේ ප්‍රධාන එන්ජිම, බඳ සහ ප්‍රචාලක පිළිබඳ මූලික පරීක්ෂණ සිදු කර ඇති අතර ශබ්දය සහ කම්පන මට්ටම් පිළිබඳවද පරීක්ෂා කර ඇත. මූලික පරීක්ෂණ වලින් පසුව "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව මේයර් ටුර්කු නෞකා අංගනය වෙත පැමිණ ඇති අතර 2024 වසරේදී දකුණු ෆ්ලොරිඩාවේදී මංගල ගමන සිදු කිරීමට නියමිතව තිබේ.

මෙම සුඛෝපභෝගී නෞකාව නිවාඩු ගත කරන්නන්ට මුහුදේ ඇති ලොව විශාලතම ජල උද්‍යානය පිරිනමනු ඇත.එසේම  "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව එහි ගමන් කරන්නන්ට නිවාඩු නිකේතනයක්, තේමා උද්‍යානයක් සහ කෑම, බීම මෙන්ම විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා ක්‍රම 40 කට වඩා ලබා දෙනු ඇති බව රෝයල් කැරබියන් ඉන්ටර්නැෂනල් සමාගම පවසා තිබේ.



අදහස් (1)

මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට

Bunny Preena Friday, 30 June 2023 09:53 AM

ඪියමත පාවෙන සුරපුරය !!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18050 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10817 30

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 10624 13

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 442 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 127 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 806 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site