මෙක්සිකෝවේ දකුණු දිග ගුවරෙරෝ ප්‍රාන්තයේ පුද්ගලයන් නවදනෛකු වෙඩි තබා මරාදමා ඇතැයි වාර්තා වේ.
මියගිය පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ අය බවට සැකකෙරෙන අතර අවිගත් සාමාන්‍ය වැසියන් පිරිසක් සමඟ ඇතිවූ ගැටුමකදී මොවුන් ඝාතනය වී ඇතැයි බලධාරීහු පවසති.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රාන්තයේ ක්‍රියාත්මක රෝජෝස් නම් අපරාධ කල්ලියේ සාමාජිකයන් පිරිසක් බවට විශ්වාස කරන බවත් ගැටුම් සිදුවූ ස්ථානයේ තිබී රයිෆල් කිහිපයක් ද හමුවී ඇති බවත් පොලිසිය පවසයි.
බදාදා(24) රාත්‍රී සිට්ලාටා නම් ගම්මානයෙන් මොවුන්ගේ සිරුරු සොයා ගත් අතර පසුගිය සති කිහිපය ඇතුළත මෙවැනි සංවිධානාත්මක අපරාධ කල්ලිවල දාමරික ක්‍රියා කිහිපයක්ම මෙක්සිකෝවේ විවිධ ස්ථාන වලින් වාර්තා වූ බව මාධ්‍ය සඳහන් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මෙක්සිකෝවේ 9 ක් වෙඩි තබා ඝාතනය කරති