මෙක්සිකෝව වෙළාගෙන ඇති දුප්පත්කම සහ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීමට වහාම කි‍්‍රයා කරන බව එරට නව ජනාධිපතිවරයා ලෙස ඊයේ(2) දිවුරුම් දුන් එන්රික් පෙනා නීටෝ අවධාරණය කර කියා සිටියේය.
හැත්තෑඑක් වසරක් පුරාවට මෙක්සිකෝවේ පාලන බලය හෙබ වූ ජනපති නීටෝගේ පී.ආර්.අයි පක්ෂය වාමාංශික නායක ආන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් පරාජයට පත් කරමින් මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හැකි විය. මෙක්සිකෝවේ නව නායකයා ලෙස නීටෝ බලයට පත් වූයේ හිටපු ජනපති පිලිප් කැල්දෙරන්ගෙන් පසුවය.
මිලියන එකසියදහයකට ආසන්න ජනතාවක් වෙසෙන මෙක්සිකෝවේ ආර්ථික නංවාලීම සඳහා නව ජනපති නීටෝ කරුණු 13කින් යුත් ආර්ථික සැලසුමක් ඉදිරිපත් කර තිබේ. එමඟින් රටේ පවත්නා දිළිඳුකම, කුසගින්න සහ වර්ධනය වෙමින් පවතින අපරාධ රැුල්ල මැඬලීම අපේක්ෂා කෙරේ.
‘‘මගේ රජයේ පළමු කාර්යය රටට සාමය උදා කිරීමයි. රටේ ජනතාවට සිය ගම්බිම් සහ නගරවල සැකෙන් බියෙන් තොරව නිදහසේ සැරිසැරීමට අවශ්‍ය පසුබිම සලසනවා.’’ යැයි ජනපති නීටෝ සිය ධූරයේ දිවුරුම් දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු ඇමෙරිකාවේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට ලෙස හැඳින්වෙන මෙක්සිකෝවේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කෙරේ. පසුගිය වසර හයක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වීදි ගැටුම් හේතුවෙන් මියගිය ගණන හැටදහස ඉක්මවයි.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෙක්සිකෝවේ දුප්පත්කම හා ප‍්‍රචණ්ඩකි‍්‍රයා අවසන් කරනවා
ලක්මාල් Monday, 03 December 2012 06:03 PM
නියමයි. සුබ පැතුම් .(ස)