
ප්‍රංශ ජනාධිපතිවරණය ඇරැඹිණි. ප්‍රංශ ජනාධිපතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර, අද (10) ආරම්භ වූයේ පළමු අදියරය. දෙවැනි අදියර පැවැත්වෙනු ඇත්තේ ලබන 24 වැනිදාය.
දිගටම ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කරන 44 හැවිරිදි මැක්රොන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, මධ්‍යස්ථමතධාරී රිපබ්ලිකන් පක්ෂය මෙහෙයවමිනි. මැක්රොන් ප්‍රංශ ජනාධිපති ධුරයට පත් වූයේ 2017 ජනාධිපතිවරණය ජය ගනිමිනි.
2017 වසරේ දී මැක්රොන්ට අභියෝගයක් වීමට සමත් වූ අන්ත දක්ෂිණාංශික දේශපාලඥ ප්‍රංශ ජාතික පක්ෂයේ නායිකා මරීන් ලා පෙන්, මෙවර ද මැක්රොන්ට අභියෝගයක් වී සිටින්නීය.
දේශපාලන විශ්ලේෂකයන් පවසා ඇත්තේ මැක්රොන් සහ 53 හැවිරිදි ලා පෙන් අතරේ තියුණු සටනක් පනතිනු ඇති බවය. ජනාධිපතිවරණයේ දී අනෙක් ප්‍රබල අපේක්ෂකයා වී ඇත්තේ අන්තවාමාංෂික දේශපාලනඥ විප්ලපීය පක්ෂයට නායකත්වය දෙන 70 හැවිරිදි ජෝන් ලූක් මෙලෙන්කොන්ය.
ප්‍රංශ වැසියන් මිලියන 49 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, මැක්රොන්, ලා පෙන් සහ මෙලෙන්කොන් ද ඇතුළුව අපේක්ෂකයෝ 12 දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. 24 වැනිදා දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත්තේ පළමු වටයෙන් වැඩිම ඡන්ද හිමි කර ගන්නා අපේක්ෂකයන් දෙදෙනාය.
'කොවිඩ් 19' වසංගතයෙන් ප්‍රංශය ද දැඩි ලෙස පීඩාවට පත් විය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් ප්‍රමුඛ රජය, 'කොවිඩ් 19' එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගත් තීරණය මැක්රොන්ගේ ජනප්‍රියත්වයට බාධාවක් ද විය. මේ වනවිට ප්‍රංශයේ ආර්ථිකයට ද බලපෑම් එල්ල වී ඇති අතර, ඊට පැහැදිලි විසඳුම් ලබා දීමට ප්‍රංශ ජනාධිපතිවරයා සමත් වී නැතැයි දේශපාලන විශ්ලේෂකයෝ චෝදනා නගති.
කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් යුක්රේනයට සහාය දක්වමින් රුසියාව සහ යුක්රේනය අතරේ සාමය ඇති කිරීමට මැදිහත් වීමත් හේතුවෙන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ ජනප්‍රියත්වය යම්තාක් දුරකට ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.
පසුගිය දිනවල පැවැති ජන රැලි බොහොමයකට මැක්රොන් සහභාගී වූයේ නැත. ඊට හේතුව ඔහු රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම නිසාය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැක්රොන්ට අභියෝග රැසක්