
වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
මෙම පොසිලය හමුවී ඇත්තේ කොටස් වශයෙනි. ඒ, 2003 දී දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි. පසුව එම කොටස් එකිනෙක සම්බන්ධ කළ බව පැවැසෙයි.
සම්පුර්ණ පොසිලයේ දිග අඩි 16 ක් එසේත් නැතිනම් මීටර් 5 කි. මකරකුගේ පෙනුම ඇති මේ පොසිලකරණය වුණු සත්වයා අතීතයේ ජීවත් වූ ජලජ උරගයකු යැයි විශ්වාස කෙරේ.
දිගු ගෙලක් සහිත මෙම එම අසාමාන්‍ය අලුත් සත්වයා Dinocephalosaurus orientalis යන විද්‍යාත්මක නමින් හඳුන්වන බව ද පැවැසෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.