IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මක්කම වන්දනාවේ ගිය 300ක් මරුට

හජ්ජි උත්සවය නිමිත්තෙන් මක්කම වන්දනාවේ ගිය ඉස්ලාම් බැතිමතුන් 300 කට අධික පිරිසක් තෙරපීම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.

සෞදි සිවිල් ආරක්ෂක සේවය පවසන්නේ 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

සෑම වසරකම මක්කම වන්දනාවේ යන වන්දනාකරුවෝ විශාල පිරිසක් අධික තෙරපීම හේතුවෙන් මිය යති.

පසුගියදා මක්කමදී දොඹකරයක් කඩා වැටීම හේතුවෙන්ද විශාල පිරිසක් මිය ගිය බව වාර්තා විය.

ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් වන්දනාකරුවන් විසින් සැමරෙන හජ්ජි උත්සවය මෙවරත් සෞදි අරාබිය අති මහත් උත්සවශ්‍රීයෙන් සමරයි. නබිතුමන් විසින් සියවස් 14 කට පෙර ඉස්ලාම් දහම ලෝකයට ලබා දුන් දිනය ලෙස සැලකෙන අද (24) සෞදි අරාබියේ මක්කම පල්ලියට දෙකෝටි විසි ලක්ෂයක් පමණ බැතිමතුන් පැමිණි බව වාර්තාවේ.

හජ්ජි උත්සවය සැමරීම වෙනුවෙන් අද සිට දින පහක කාලයක් සෞදි අරාබිය රාජකාරී නිවාඩු ලබාදී ඇත.

Hajji_20159240 Hajji_201592402



අදහස් (0)

මක්කම වන්දනාවේ ගිය 300ක් මරුට

සහීඩ් Sunday, 27 September 2015 07:21 AM

ඒ සියලු දෙනාටම නිවන් සුව පතමි.(හේ)

:       0       0

ඉමායා Thursday, 24 September 2015 10:25 AM

ඉතාමත් කනගාටුදායක ආරංචියක්......(බ)

:       0       0

අතුල Thursday, 24 September 2015 11:07 AM

දෙවියන්ගේ කැමැත්ත ඕකද?!(ම)

:       0       0

දොන් Thursday, 24 September 2015 01:04 PM

සෑම පුද්ගලයෙකුම මියයනමුත් එය වියයුත්තේ අකාලයේ නොවේ. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 24 September 2015 01:59 PM

බොහොම කණගාටුදායකයි (නි)

:       0       0

ප්‍රේමලාල් Thursday, 24 September 2015 02:09 PM

හැම වසරකම මෙවන් විපත් අසන්නට ලැබීම ඉතාම සෝචනීයයි.! (බ)

:       0       0

පුබුදු Friday, 25 September 2015 02:58 PM

දෙවියන්ගේ කැමැත්තනෙ.. කමක් නෑ ඉතිං. (අ)

:       0       0

ජයලත් Thursday, 24 September 2015 02:46 PM

මේක එයාලට ලොකු දෙයක් නෙමේ මොකද එයාලගේ ඇදහිල්ලට අනුව එහෙදි මැරුණම කෙලින්ම යන්නේ ස්වර්ගයට (බ)

:       0       0

හර්ෂා Friday, 25 September 2015 04:39 AM

මිනිස් ජිවිත නේද අකාලයේ විනාශ වුණේ ? (අ)

:       0       0

චින්තන Thursday, 24 September 2015 04:12 PM

තමන්ගේම අය පෑගිලා මැරෙන එක ගැන උණු නොවන ආගමිකයන් ගෙන් ලොව අනෙක් ආගම් වලට ,ජාතිකයන්ට සහජීවනය බලාපොරොත්තු වියහැකිද? (බ)

:       0       0

මානවඩු Thursday, 24 September 2015 04:53 PM

හරිම දුකයි (නි)

:       0       0

සත්‍යයා Saturday, 26 September 2015 12:08 AM

ලොව පුරාම වසන සියලු සත්වයෝ ජීවත්වෙන්නේ විඥානිකව හෝ අවිඥානිකව හෝ නිරන්තර බියෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site