පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (4) නව භාරකාර රජයේ අගමැති ලෙස හිටපු අග විනිසුරු ගුල්සර් අහමඩ් ගේ නම යෝජනා කළේය.
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුව, මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු, භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ධුරයේ රැඳී සිටිනු ඇතැයි පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව් නියෝගයක් නිකුත් කර තිබියදී, පකිස්තාන අගමැති ඉම්රාන් හිටපු අග විනිසුරු ගුල්සර් අහමඩ් ගේ නම භාරකාර අගමැති ලෙස යෝජනා කළේය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය නියෝජ්‍ය කථා නායක කසීම් ඛාන් සූරි ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය.
ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවේ පස්වෙනි වගන්තියට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි.
විශ්වාසභංග යෝජනාව ඉවත දැමීම හේතුවෙන් විපක්ෂ සන්ධානය පකිස්තාන ශේෂ්ඨාධිකරණයේ චෝදනා පත්‍රයක් ගොනු කළේය.
එය විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රමුඛ පස් දෙනෙක් ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කෙරූ අතර නඩු විභාගය ආරම්භ කළේය.
නඩු විභාගය ආරම්භයේදී සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය යැයි පවසමින් පකිස්ථාන ජනතා පක්ෂය විසින් පෙත්සමක් ඉදිරිපත් කළේය.එම පෙත්සම ශේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරූ අතර එහිදී අග විනිසුරු උමාර් අටා බන්දයාල් පැවසුවේ ඔබ මේ විනිසුරු මඩුල්ලට අකමැති නම් අපි නැගිටලා යන්නම් යනුවෙනි.
නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු බන්දයාල් සියලුම පාර්ශව වලට ඇහුන්කන් දීමෙන් පසුව අධිකරණයේ තීන්දුව ප්‍රකාශ කරන බව පැවසීය.නඩු විභාගයේ දී අගවිනිසුරු බන්දයාල් ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තිය උපුටා දක්වමින් විශ්වාසභංග යෝජනාවක් ඉවත දැමීම කථානායක වරයට හෝ නියෝජ්‍ය කථානායක වරයාට කළ නොහැකි බව පැවසුවේය.
එසේම විශ්වාසභංග යෝජනාවක් ඡන්ද විමසීමට ගැනීමට පෙර විවාදයක් පැවැත්විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වුවත් එයද සිදු නොවූ බව එතුමා වැඩි දුරටත් සඳහන් කළේය. නඩු විභාගය අද (5) පැවැත්වෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
භාරකාර අගමැති ධුරය හිටපු අගවිනිසුරුට