IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


භූමි කම්පාවෙන් මියගිය ගණන 2,000 පසු කරයි

මොරොක්කෝව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර තිබේ. තුවාල ලැබූ ගණන 1,400ට වැඩිය. මොරොක්කෝ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

මොරොක්කෝව උතුරු අප්‍රිකානු රාජ්‍යයකි. අත්ලාන්තික් සාගරයටත්, මධ්‍යධරණී මුහුදටත් එය මායිම් වෙයි. බටහිර සහරාව සහ ඇල්ජීරියාව, මොරොක්කෝ රාජ්‍යයේ අසල්වැසියන්ය. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ නිල භාෂා වන අතර, මොරොක්කෝවේ අගනුවර රබාත්ය.

මොරොක්කෝව කැලැඹී ගියේ රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 6.8 ක් සටහන් කළ භූමි කම්පාවකිනි. භූමි කම්පාව හටගත්තේ පසුගිය සිකුරාදා (8) රාත්‍රියේය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය වාර්තා වන්නේ ඇට්ලස් කඳුකරයෙනි.
භූමි කම්පාවෙන් නගර සහ ගම්මාන රැසක් විනාහ විය. නිවාස දහස් ගණනක් මුළුමනින්ම බිමට සමතලා විය.

භූමි කම්පාවෙන් මියගිය බොහෝ දෙනා එම අවස්ථාවේ නින්දේ පසුවුණු බව පැවැසෙයි. භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවූයේ මරක්ෂ් පළාතේ ප්‍රදේශවලටය.

බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීම දිගටම සිදුවෙයි.
භූමි කම්පාවෙන් සිදුවුණු විපත හේතුවෙන්, මොරොක්කෝවේ හය වැනි මොහොමඞ් රජු තෙදින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විපතට පත් වුණු අයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, උන්හිටිතැන් අහිමිවූවන්ට නවාතැන් පහසුකම් ලබා දීමටත් මොහොමඞ් රජු බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

අවසන් වරට මොරොක්කෝව භූමි කම්පාවකින් තැලැඹුණේ 1960 වසරේය. රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් මියගිය ගණන 12,000 කි.

මොරොක්කෝව සහ අසල්වැසි ඇල්ජීරියාව අතරේ, පසුගිය වසර කීපය පුරා හිත් අමනාපකම් පැවැතිණි. කෙසේ නමුත් භූමි කම්පාවෙන් සිදුවුණු විපත සමග මොරොක්කෝවට හැකි සෑම අයුරින් උදවු කිරීමට ඇල්ජීරියාව පියවර ගෙන තිබේ.

මේ වනවිටත් මානුෂීය ආධර රැගත් ඇල්ජීරියානු ගුවන් යානා කීපයක් මොරොක්කෝවට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

භූමි කම්පාවෙන් මියගිය ගණන 2,000 පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site