IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


භූතානයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට

භූතානයේ ඉහළම සිවිල් සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පුද කිරීමට භූතාන රජය තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, 'න්ගඩාග් පෙල් ජී කොර්ලෝ' නමැති එම සිවිල් සම්මානයෙන් පිදුම් ලබන බව ප්‍රකාශයට පත් කෙරුණේ එරට ජාතික දිනය සැමරුමට සමගාමීවය.

භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, 'න්ගඩාග් පෙල් ජී කොර්ලෝ' සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමීමට භූතාන රජු තීරණය කළ බවත්, එය ඉන්දු භූතාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇති බවත්ය.

'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ දී භූතාන වැසියන් වයිරසයෙන් පීඩාවට පත් වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැදිහත් වී, ඉන්දියාවේ නිපදවන ප්‍රතිශක්තිකරණ එන්නත් කඩිනමින් භූතානයට ප්‍රදානය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් භූතාන රජුත්, භූතාන වැසියනුත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කෘතඥ වන බව ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් පවසා තිබේ.

'මෙම ගෞරව සම්මානය, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ට ලැබිය යුතු සම්මානයක්. ඔහු භූතානයේ හොඳ මිතුරෙක්. හොඳ හදවතක් ඇති මිනිසෙක්. මෝදි හමුවී ඔහුට සම්මානය පිරිනැමීමටත් ඔහුට සුබ පැතීමටත් මා බලාපොරොත්තුවෙන් සිටිනවා' යැයි ද භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් ෆේස්බුක් ගිණුමේ වැඩි දුරටත් සඳහන් වෙයි.

(රොයිටර්)



අදහස් (0)

භූතානයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site