
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ලන්ඩන් මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ, ගැටවර වියේ දී තමන්ගේ දුරකතනය ‘ටැප්’ කරමින්, තම දුරකතන කතාබහට හොරෙන් කන් දුන් බවට බි්‍රතාන්‍යයේ ‘මිරර්’ මාධ්‍ය ජාලයට චෝදනා කරමිනි.
හැරී කුමරු ලන්ඩන් මහාධිකරණය හමුවේ පෙනී සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමටය. වසර 100 කට පසු බ්‍රිතාන්‍ය රාජකීයයකු අධිකරණයක් හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍යයේ පමණක් නොව, ලොව පුරා ප්‍රකට ‘ඕපාදූප’ ටැබ්ලොයිඩ් පුවත්පත් වන ‘ද මිරර්’ සහ ‘සන්ඩේ මිරර්’ ආදිය මුද්‍රණය කරන්නේ ‘මිරර්’ මාධ්‍ය ජාලයයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.