IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිළිදා ගොඩගන්න සුපර්ග්ලු

‘‘සුපර්ග්ලූ‘‘ යොදාගෙන පිපිරුණු රුධිර නාළයක් වසා දමා සති තුනක් වයසැති බිළිදියකගේ දිවි බේරා දුන් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් ගැන ඇමරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලීය රෝහලෙන් වාර්තා වේ.

කුඩා ඇෂ්ලින් ජූලියන් රෝහලට ඇතුළත් කරන විට සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය.ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට සොයාගත හැකි වූයේ ඇෂ්ලින්ගේ මොළයේ කුඩා රුධිර නාළයක ඇති පිපිරීමකි.සාමාන්‍ය අවස්ථාවකදී නම් වෛද්‍යවරුන් කරනුයේ හිස් කබල පලා විවෘත කර නාළය වසා දැමීමේ සැත්කම කිරීමයි.නමුත් ඇෂ්ලින් තවමත් සති 3 ක් පමණ වයසැති නිසා බරප ශල්‍යකර්මයකට ඇයට භාජනය කළ නොහැකි වීමෙන් වෛද්‍යවරුන් තිරණය කරන්නේ සැත්කමක් නොකර පිපිරීම වසා දැමිමටය.ඒ සදහා ඔවුන් යොදාගන්නේ සුපර් ග්ලූය.

ඇෂ්ලින්ගේ පාදයේ රුධිර නාළයකට සුපර් ග්ලූ බිදක් බහාලූ කැතීටරයක් ඇතුල් කරනා වෛද්‍යවරු එය මොළයේ පිපිරීම ඇති නාළය දක්වා මෙහෙයවීමට සමත් වන්නේය.කැතීටරයේ ඇති සුපර් ග්ලූ පිපිරීම වෙත එල්ල කර නිදහස් කළ විගස එය එය ක්ෂණිකයෙන් වියළි යන්නේ පිපිරුම වසා දමමිනි.

වෛද්‍යවරුන්ගේ උත්සාහය සාර්ථකය.දැන් කුඩා ඇෂ්ලින් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටී.ඇයගේ දෙමව්පියන්ගේ සතුටට නිමක් නැත.

යොදාගත් සුපර්ග්ලූ වලත් අන්තර්ගත වන්නේ සාමාන්‍ය වෙළදසැළ කින් මිලදී ගන්නා සුපර්ග්ලූ වල අඩංගු සංඝටකයන්ම බව වෛද්‍යවරුන් කියයි.වෛද්‍ය පිරිසේ ප‍්‍රධානියා වන කෝජි එබර්සෝල් නැවත මෙවන් සැත්කමක් කිරීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති බවත් ඇෂ්ලින්ගේ දිවි බේරීම ප‍්‍රාතිහාර්යයකට නොඅඩු දෙයක් බවත් පවසයි.



අදහස් (0)

බිළිදා ගොඩගන්න සුපර්ග්ලු

මොහමඩ් Saturday, 15 June 2013 12:13 AM

සුපර් ග්ලු බඩ යන වෙලාවට පාවිච්චි කරන්න බලමු. බඩ යෑම නවත්තා ගන්න පුළුවන්. පසු පසට සුපර් ග්ලු ගා සිටීමෙන් බඩ යෑම නවතිනු ඇත (නි)

:       0       0

නිමල් Friday, 14 June 2013 04:53 PM

ඕක මෙහෙ උනා නම් දොස්තර ප්‍රසිද්දවෙලා ඡන්දෙත් ඉල්ලනවා. (ත)

:       0       0

ජයසිංහ Friday, 14 June 2013 04:56 PM

බුදුසරණ ලැබේවා. ඉක්මන් නිරෝගී සුවය පතමි (ත)

:       0       0

සඳරුවන් Friday, 14 June 2013 05:53 PM

ඉගෙනීමට එහාගිය බුද්ධිමත් වැඩක්! (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 14 June 2013 06:59 PM

සුපර් ග්ලු කියන්නේ ඇලවීමට පමණක් නොව ශල්‍ය වෛද්‍යවරුන් පවා භාවිතා කරන වටිනා ඖෂධයක් බව දැන් පැහැදිලියි නේද? පුරාණ කියමනක් තියෙන්නේ කුකුල් බෙට්ටත් බෙහෙතට වුවමනා වෙන බව (නි)

:       0       0

සංජීව Friday, 14 June 2013 08:18 PM

මම ලංකාවේ ඉන්නකොට කැපිච්ච තුවාල වලට සුපර් ග්ලු දාලා සනීප කරගෙන තියෙනවා. මේවා විශ්ව කර්ම වැඩ (නි)

:       0       0

දිල්රු Monday, 17 June 2013 04:43 PM

මොහමඩ්, ඔය වගේ මොට්ට කතා කියන්න එපා.ඔයාටත් බඩ යන්න ගත්තොත් සුපෙර් ග්ලු ගා ගන්න. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Friday, 14 June 2013 11:45 PM

සුපර් ග්ලු වලින් ඇලෙව්වොත් ඇලෙවුවම තමා.මේ දරුවට පසු කාලයකදී වෙනත් අසනීපයක් නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 44 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site