(රොයිටර් ඇසුරෙනි - 042)
උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් උන් නියෝග කරන ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට අන්තර් මහද්වීප බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට තමන් සූදානමින් සිටින බව උතුරු කොරියානු හමුදාව පවසයි.
එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි බැලැස්ටික් මිසයිලයකට අවම වශයෙන් කිලෝමීටර් 5,500 ක දුරක් ගමන් කළ හැකි අතර ඇතැම් මිසයිල කිලෝමීටර් 10,000ක් හෝ ඊට වැඩි දුරක් ගමන් කරයි.
එතරම් දුරකට විදිය හැකි මිසයිල ඇතිනම් එය ඇමෙරිකාවට තර්ජනයක් බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
න්‍යෂ්ටික බලය සහිත තම රට නව ආකාරයක බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් යැයි ජනපති කිම් ජොන් උන් පසුගිය ජනවාරි පළමු වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් පවසා ඇත්තේ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සුළුවෙන් නොතකන බවත්, ඒ ගැන විමසිල්ලෙන් සිටින බවත්ය.
“උතුරු කොරියාවේ මිසයිලවලින් අපට හෝ අපේ මිතුරු රටවලට හෝ තර්ජනයක් වන්නේ නම් එම මිසයිල ක්ෂණිකව බිම හෙළීමට අප සූදානම් “යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව සූදානම්
සිරිල් Friday, 10 March 2017 03:27 AM
විනාශයකදී එක කොටසක් පමණක් විනාශ වන්නේ නම් එය අසාධාරණයි. දෙපැත්තම විනාශ වන්නේ නම් එය සාධාරණ විය හැකියි.
w.p.s weerawardana Friday, 10 March 2017 05:58 AM
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල වලින් තව රටකට විශේෂයෙන් ඇමරිකාවට පහර දුන්නොත් ඇමරිකාවත් නිකන් බලා සිටීද? ඇමරිකාවටත් තියෙනවා. එවිට උතුරු කොරියාවත් විනාශ වෙනවා