IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බෙල්ලේ සිරවුණු ටයරය ඉවත් කරලා

සය වසරක් තිස්සේ යතුරු පැදි ටයරයක් බෙල්ලේ සිරවුණු කිඹුලෙකු අල්ලා ගෙන එම ටයරය කපා ඉවත් කර එයින් නිදහස් කිරීමට ඉන්දුනීසියානු ධීවරයෙක් පියවර ගෙන ඇත.

ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ පලු නගරය ආසන්නයේ මෙම කිඹුලා ජීවත් වන බව පැවැසෙයි. කිඹුලා දිගින් මීටර් 4ක් පමණ වේ.

කිඹුලා වැඩෙන විට මෙම ‘රබර් ටයර් මාලය’ තව තවත් උගේ බෙල්ලේ සිරවන්න වූ බවත්, කිඹුලාට හුස්ම ගැනීම පවා අසීරු කළ බවත් ප්‍රදේශවාසීහු පෙන්වා

කිඹුලාගේ බෙල්ලේ ටයරය ඇති බව පළමුවෙන් ම දකින්න ලැබී ඇත්තේ 2016 දීය.

ඉන් අනතුරුව දෙවතාවක් උගුලකට අසුකර ගෙන ටයරය ඉවත් කිරීමට උත්සහ දැරුවත් එය අසාර්ථක වී ඇතැයි ද පැවැසෙයි.  

පසුගිය 7 වැනිදා 35 වියැති ටිලී නමැති ධීවර තරුණයා සාර්ථකව මෙම කිඹුලා උගුලකට අසුකරගෙන ඇත. අනතුරුව ටිලී ගිනි නිවන භටයන් සහ ප්‍රදේශවාසීන් කණඩායමකගේ උදව්වෙන් කිඹුලාගේ බෙල්ලේ සිරවී තිබූ යතුරු පැදි ටයරයෙන් කිඹුලා නිදහස් කර ඇත.

විමුක්ති එස් රුද්‍රිගු
ලයිව් සයන්ස් ඇසුරෙන්



අදහස් (0)

බෙල්ලේ සිරවුණු ටයරය ඉවත් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2286 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site