IMG-LOGO

බිලියන100 ක ස්විස් රහස් එළියට

ලොව ප්‍රසිද්ධ ස්විස් බැංකුවක් වන ”ක්‍රෙඩිට් ස්විස් ” හි ගිණුම් හිමිකරුවන් පිළිබඳ රහස් පුද්ගලයෙකු විසින් එළියට දමා ඇත. ලාභ නොලබන මාධ්‍ය ආයතන ඇතුළුව මාධ්‍ය ආයතන 46 කට මෙම රහස් ලබා දී තිබේ.

ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජතුමා සහ හිටපු ඊජිප්තු ජනාධිපතිවරයෙක් වූ හොස්නි මුබාරක් ගේ පුත්‍රයන් ද  මෙම ගිණුම් හිම්කරු ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බව පැවසේ.

ස්විස් බැංකුවක සේවා දායක ලැයිස්තුවේ සිටින්නේ ලෝකයේ සුපිරි ධනවත් පුද්ගලයන්ය.ස්විස් බැංකු තම සේවා දායකයාගේ රහස්‍ය භාවය සුරකිමින් ඔවුන්ගේ ඩොලර් මිලියන ගණන් වත්කම් කළමනාකරණය කරමින් සිටියි.

‘ක්‍රෙඩිට් ස්විස්‘ බැංකුවේ රහස් එළියට පැමිණීමත් සමග රාජ්‍ය නායකයන්,බුද්ධි අංශ නිලධාරීන්,සම්බාධක වලට හසුවූ ව්‍යාපාරිකයන් සහ මානව හිමිකම් උල්ලංඝනය කරන ලද අපරාධකරුවන් ස්විස් බැංකු වල ගිණුම් හිමි බව හෙළි වී ඇත.

‘ක්‍රෙඩිට් ස්විස්‘ බැංකුවේ ගිණුම් 18000 ක පමණ තොරතුරු හෙළිකර ඇති අතර එම ගිණුම් වල වටිනාකම ඩොලර් බිලියන 100 පසු කරන බව පැවසේ.මෙම ගිණුම් 1940 සිට 2010 දක්වා කාලය තුල ආරම්භ කරන ලද ඒවා වේ.

ඩොලර් මිලියන ගණන් තිබෙන ගිණුම් හිමිකරුවන් අතර ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජතුමා,හිටපු ඊජිප්තු ජනාධිපතිවරයෙක් වූ හොස්නි මුබාරක් ගේ පුත්‍රයන් දෙදෙනා සහ දිගු කාලීන දුෂණ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙනිසියුලානු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සිටින බව හෙළිවී ඇත.

‘ක්‍රෙඩිට් ස්විස්‘ බැංකුවේ ප්‍රකාශිකා කැන්ඩිස් සන් පැවසුවේ ගිණුම් හිමියන්ගේ නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි මුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි
අනිත් කරුණ නම් සමහරක් ගිණුම් වසර ගණනක් පැරණි අතර එම ගිණුම් ආරම්භ කරන කාලයේ ගිණුම් සම්බන්ධ නීති නොතිබූ බවයි.

විමුක්ති එස් රුද්‍රිගු
(නිව් යෝර්ක් ටයිම්ස්)



අදහස් (0)

බිලියන100 ක ස්විස් රහස් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 224 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 113 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1722 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site