IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (26) ඊජිප්තු නව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කළේය.

එ:ජා: මහලේකම් බැන් කි මූන්

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එම ඉල්ලීම කළේ, මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් වහාම අත්අඩංගුවට ගන්නැයි ඊජිප්තු අධිකරණයක් වරෙන්තු නිකුත් කිරීමත් සමඟය. ඊජිප්තු අන්තර්වාර රජය චෝදනා කරන්නේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීමට ජනතාව උසි ගන්වන්නේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් කියාය.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් ඉකුත් 24 වැනිදා චෝදනා කළේ, ජනපති මොර්සි බලයෙන් නෙරැපීමේ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ ඇමෙරිකාව බවත් එම නිසා කයිරෝවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය වටලා පහර දීමක් කළ යුතු බවත් ය.
ඇමෙරිකා රජය තරයේ කියා සිටින්නේ, ඊජිප්තුවේ සිදුවුණු ‘බලය වෙනස් වීමට’ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.
ජනතා ඡුන්දයෙන් තේරී පත් වණු ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් ඉවත් කිරීමේ හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කෙරුණේ පසුගිය 3 වැනිදාය.
2010 වසරේ දී අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසු, ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය නියෝජනය කළ මොහොමඞ් මොර්සි ය. ඔහු ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා ද වෙයි.
ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. විරෝධතා සංවිධානය කළේ, ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
විරෝධතාකරුවන් එම අවස්ථාවේදී චෝදනා කළේ බලය බෙදා ගැනීමට මොර්සි සහ ඔහුගේ රජය අපොහොසත් වූ බවත් ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගත් බවත්ය.
හමුදා කුමන්ත‍්‍රණයෙන් ජනපති මොර්සි බලයෙන් ඉවත් කිරීමෙන් පසු එරට අන්තර්වාර රජයේ නව නායකයා ලෙස අගවිනිසුරු අද්ලි මන්සූර් දිවුරුම් දුන්නේය. මේ වනවිට ඔහු නව අන්තර්වාර රජයක් ද පිහිටුවා ඇත. 2014 දී ජනපතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු කියා ඇත.
මේ වනවිට මොර්සි ඇතුළු ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ සාමාජිකයන් 300 ක් දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් රඳවා තැබෙන්නේ කොහේදැයි යන්න ගැන කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ලැබී නැත.



අදහස් (0)

බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න

සකලබුජන් Saturday, 27 July 2013 09:07 AM

නිමල් අය්යා හරියට ෂරි. හාහ් ..හාහ් ..හා... (දී)

:       0       0

ටෙන්ෂන් Saturday, 27 July 2013 09:53 AM

ඔය ඉලීම කරුනාකරලා අමෙරිකාවෙන් ඉල්ලනවද(අ)

:       0       0

රසික Sunday, 28 July 2013 07:18 PM

කළකම් පලදෙන්න තව වැඩිකල් යන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 27 July 2013 12:10 PM

ඔන්න ඇමෙරිකන් කුමන්ත්‍රණ, අපිත් පරිස්සමෙන් ඉන්න ඕනේ. ලෝකේ ඕනෑතරම් උදාහරණ තියෙනවා, ලෝක ඉතිහාසයේ ඇමෙරිකන් කුමන්ත්‍රණ වල පාඩම් ඕන තරම් තියෙනවා. ඉරානයේ වෙච්ච කුමන්ත්‍රණ බලය මාරුවීම් ඇමෙරිකාව හවුල්. ලෝකෙම වනසන ඇමෙරිකාව. (ස)

:       0       0

මිනිපෙ Saturday, 27 July 2013 10:59 PM

ඔය එක්සත් ජාතින් ගේ කෙහෙල් මලෙන් ඇති වැඩක් නැහැ.(නදී)

:       0       0

Kumar Saturday, 27 July 2013 02:44 PM

ප්‍රතිපත්තියක් නැති බෑන් කී මූන් කියන්නේ මොනවද කියල එයාවත් දන්නේ නෑ, මිනිහට බාගෙට පිස්සු.(නදී)

:       0       0

සඳරුවන් Saturday, 27 July 2013 03:58 AM

මෙන්න ඇමරිකාවේ තවත් කුලී හේවායෙක්.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 27 July 2013 07:13 AM

ඊජිප්තුවෙන් නොවෙයි, ඇමරිකාවෙන් ඉල්ලන්න. එහෙම ඉල්ලන්න බය නම් විකාර කථා නොකර නිෂ්ශබ්දව ඉන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site